27.8 C
Colombo
Thursday, April 25, 2024

SLIIT ආයතනය රජයට පවරා ගන්නවා..! – ඇමති බන්දුල

- Advertisement -

බිද වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ ගැනීමට ඇති එකම ක්‍රමය රටේ නිෂ්පාදනයන් දිරි ගැන්වීම හරහා සමස්ත දේශීය නිෂ්පාදන ප්‍රමාණය ඉහළ දැමීම බවත් මෙරට තුල නිෂ්පාදනය කළ හැකි සියළුම දේ රට තුල නිෂ්පාදනය කර ගැනීම සඳහා යොමු විය යුතු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, කෑගල්ල කරඩුවන නව සතොස ශාඛාව විවෘත කිරීමට සහභාගී වෙමින්.

එමෙන්ම, යහපාලන රජය විසින් පෞද්ගලික අංශයට විකුණා දැමූ මාළඹේ SLIIT ආයතනය නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පවසනවා

“මහපොළ අරමුදල් මණ්ඩලය යටතේ පැවති SLIIT ආයතනය සම්පූර්ණයෙන්ම දේපළ අවභාවිතයක් කරලා පුද්ගලික අංශයට අළෙවි කර තිබෙනවා. ඒ තරම් විශාල හොරකමක් මහපොළ ඉතිහාසයේ කවදාකවත් සිද්ධ වී නැහැ. කීර්තිමත් වෙළෙඳ අමාත්‍යවරයෙකු වූ දිවංගත ලලිත් ඇතුළත්මුදලි අමාත්‍යවරයා විසින් අමාරුවෙන් නිර්මාණය කළ මහපොළ අරමුදල සුරක්ෂිත කර පෝෂණය කරනවා වෙනුවට මහපොළ තිබුණ දේපළ වත්කම් සියල්ල අයථා ලෙස අපහරණය කරලා පවරලා දී තිබෙනවා.

ඒ සඳහා ජනාධිපති කොමිෂන් සභාව, පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව ඇතුළු අනෙකුත් සියළුම පාර්ශ්වයන් අපක්ෂපාතීව පිළි අරන් තිබෙනවා ලංකා ඉතිහාසයේ මහපොළ යටතේ සිදු වූ විශාලතම වංචාව මෙය බවත් දැන් ඒ වරද නිවැරදි කිරීමට කාලය එළඹ ඇති බවත්. අපි අනාගත කාලය තුළදී නීති අංශ සමඟ සාකච්ඡා කර නැවතත් මාලඹේ SLIIT ආයතනය මහපොළ යටතට පත් කිරීමට කටයුතු කරනවා. “

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...