30 C
Colombo
Monday, March 20, 2023

SLT, රක්ෂණ සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරනවා..! – රනිල්

- Advertisement -

රටේ ආර්ථිකය යළිත් ශක්තිමත් කිරීමට නම් රාජ්‍ය ආදායම ඉහළ දැමිය යුතු බවත්, බදු ආදායම සැළකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට සිදුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ජනතාව දැඩිලෙස පීඩා විඳිමින් සිටි බවත්, රාජපක්ෂ පාලනය අවසන්වීමෙන් පසුව තමාට අවස්ථාව ලබාදීමට ජනතාව කැමැත්ත පළකළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා තෝරා ගැනීම ව්‍යවස්ථානුකූලව හා පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීව සිදු වූ බවයි ඔහු ඉකොනොමිස්ට් සඟරාව සමග පවසා ඇත්තේ.

රට අර්බුදයෙන් ගොඩ ගැනීමේ පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා උත්සාහ දරන්නේ එනිසා බවයි. සර්ව පාක්ෂික රජයක් සම්බන්ධයෙන් විවිධ පක්ෂවලට සහ කණ්ඩායම්වලට විවිධ අදහස් තිබෙන බවත්, කෙසේ නමුත් සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගන්නා බවත් වික්‍රමසිංහ සඳහන් කරනවා.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ඉකොනොමිස්ට් සඟරාව සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ටෙලිකොම් ආයතනය වැනි ආයතන පෞද්ගලීකරණය කළයුතු බවයි. මීට අමතරව ඛනිජ තෙල් සංස්ථාවට කරන්නේ කුමක්ද යන්න බරපතල ගැටලුවක් බවත් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමුව ඇති බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.


RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.