29.1 C
Colombo
Thursday, April 25, 2024

SLT Peo TV බිදවැටෙයි. තවත් අවුල් ජාලයක්

- Advertisement -

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සේවා සපයන SLT Peo TV සේවාව දිවයිනේ ප්‍රදේශ රැසක බිදවැටී තිබෙනවා.
ඒ අනුව බොහෝ පාරිභෝගිකයන් හට එම සේවාව ලබාගත නොහැකි අතර ඇතැම් පාරිභෝගියන් හට පෙර විකාශය වූ වැඩසටහන් යළි නැරඔීමේ (TV Rewind) පහසුකම අක්‍රීයව ගොස් තිබෙනවා.
එමෙන්ම දුරකතන සහ අන්තර්ජාල දෝෂ වාර්තා කිරීම සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබාදී ඇති 1212 අංකයද මේ වන විට ක්‍රියාවිරහිතව පවතිනවා.
තවද ශ්‍රී ලංකා ටෙලිකොම් නිල ෆේස්බුක් පිටුවේ හා Peo TV ෆේස්බුක් පිටුවේ මැසෙන්ජර් පහසුකමද මේ වන විට අක්‍රීය කර තිබෙනවා.
මේ සියලු කරුණු හේතුවෙන් ටෙලිකොම් පාරිභෝගිකයන් දැඩිලෙස අපහසුතාවයට පත්ව සිටින බවට විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වනවා.
මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නොමැති අතර සමාජ මාධ්‍ය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැඩිලෙස විවේචනයට ලක්කර ඇති අයුරුද දක්නට ලැබෙනවා.
විදෙස් රටවල අන්තර්ජාල සේවා බිදවැටුණු විට ඒ සම්බන්දයෙන් නිල නිවේදනයක් නිකුත් කර පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලීමට කටයුතු කරන අතර අදාල කාලය තුළ සිය පාරිභෝගියන් හට සිදුවූ අපහසුතාවයට අදාලව මුදලක් සිය මාසික බිල්පතෙන් අඩුකිරීමක් සිදුකිරීමට කටයුතු කරනවා.
නමුත් මෙරට අන්තර්ජාල සේවා සපයන ආයතන පිළිබදව බොහෝ පාරිභෝගියන්ගේ ඇත්තේ විවේචන පමණි.

මේ වන විට Peo TV නිල ෆේස්බුක් පිටුවේ අදාල සිදුවීම සම්බන්දයෙන් නිවේදනයක් පලකර තිබුනද පාරිභෝගියන් එම නිවේදනය දැඩි ලෙස විවේචනය කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.
අදාල නිවේදනයේ සිය ක්ෂණික දුරකතන ඇමතුම් අංකය වන 1212 අංකය අක්‍රීයව පවතින්නේ මන්දැයි හේතු දක්වා නොමැතිවීමද විශේෂත්වයක්.

එමෙන්ම තවදුරටත් PEO TV ෆේස්බුක් පිටුවේද මැසෙන්ජර් පහසුකම අත්හිටුවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...