වැඩ කරන විරුවා දැන් වැඩිකරන විරුවෙක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ වැඩි වුණු ඉන්ධන මිල සම්බන්ධයෙන් අද (12) දින මාධ්‍යය වෙත අදහස් දක්වමින්.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ රු.157ට තිබූ පෙට්‍රල් ලීටරය යහපාලන සමයේ රු.117 දක්වා අඩුකර පසුව රුපියල් දෙක තුනකින් වැඩි වූ විට මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පාර්ලිමේන්තුවට පැමිණියේ බයිසිකල්වලින් බවත් දැන් දැන් ඔවු පැමිණෙන්නේ තිරික්කලයෙන් ද යන්න විමසා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා පවසනවා.
රජය සතුව කළමනාකරණ හැකියාවක් නොමැති වීමෙන් අද ඔවුන්ට මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවයි මරික්කාර් මහතා පවසන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
”තෙල් සංස්ථාවට ඩොලර් නැති තත්ත්වයක් උදාවෙලා තිබෙනවා තෙල් ආනයනය කරන්න. මොකද හේතුව අපේ රටේ මහ බැංකු සංචිතය මේ වන විට ආරංචි මාර්ග අනුව තියෙන්නේ ඩොලර් බිලියන හතරයි. මේ මාසේ ණය වාරික ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 2.1 යි. ඒ අනුව සියලු කටයුතු සඳහා, ආනයනය සඳහා තියෙන්නේ ඩොලර් බිලියන 1.9යි. අනික් පැත්තෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවක් එනවා පහුගිය රජයෙන් ලබාගත්තු GSP ප්ලස් සහනය අහෝසි කරනවාද නැද්ද කියලා. එහෙම වුණොත් අපේ ඇඟලුම්වලින් එන ආදායම විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද ඇඟලුම් ආනයනයෙන් වැඩිම ආදායම එන්නේ ඇමරිකාවෙන් සහ යුරෝපයෙන්.”