26.1 C
Colombo
Monday, June 16, 2025

හැමතැනටම පැන්න සෝමරත්න දිසානායකත් අනුරට

- Advertisement -

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විමට එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු ඊයේ (08) පස්වරුවේ රාජගිරිය The Taprobane පරිශ්‍රයේදී පැවති ‘පුනරුදයට කලාවේ අනාගතවාදී පෙළගැස්ම’ – ජාතික ජන බලවේගයේ කලාකරුවන් පිළිබඳ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගිවී සිටින අයුරු දක්නට ලැබුණා.

දැඩි රාජපක්ෂ හිතවාදියෙකු වූ සෝමරත්න දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකල අතර ඒ වෙනුවෙන් ඔහුට ආණ්ඩුවෙන් වරප්‍රසාද රැසක් හිමිවූ බවට එකල දැඩිව විවේචනයට ලක්වූවා.

පසුව 2015 වසරේදී එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදී සහය දැක්වූ අතර ඒ වෙනුවෙන් සෝමරත්න දිසානායක මහතා එම වසරේ ජනවාරි මාසයේදි ජාතික රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබූවා.

පසුව පෞද්ගලික හේතුවක් මත යැයි කියමින් 2015 වසරේ ජූලි මස රූපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයෙන් ඔහු ඉල්ලා අස්වූ අතර 2016 වසරේ අගෝස්තු මස වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැළියේදී එම වේදිකාවට ගොඩවෙමින් සෝමරත්න දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකළා.‍

නමුත් 2017 වසරේදී වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සෝමරත්න දිසානායක මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ පාලන සමය මෙන්ම වත්මන් ආණ්ඩුවේද වෙනසක් නැති බවත් බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියක් මේ රටේ සෑදිය නොහැකි බවත්ය.

”ඇත්තටම මේ වෙනකොට මං දේශපාලනිකව අතරමං වෙච්ච කෙනෙක්. මට දැනට දේශපාලන පක්ෂයක් නෑ. ඔව් 1994 ඉඳන් මං දේශපාලන වේදිකාවල පෙනී හිටියා. ඒ ගැන මං කණගාටු වෙන්නේ නෑ. යුද්ධය නිමා කරන්න එක පාරක් අපි පෙනී හිටියා. පස්සේ රට හදන්න ඕන නිසා පෙනී හිටියා. නමුත් බලය එක තැනක දීර්ඝ කාලයක් රැඳෙනකොට එතන දුෂණය වෙනවා. බල ලෝභය හා තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න ඕන වැඩක් කරන්න පෙළඹෙනවා.”

එසේ පැවසූ සෝමරත්න දිසානායක මහතා එවක යහපාලන රජය යටතේ 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබූ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩබලන සභාපතිවරයා ලෙසටද පත්කරනු ලැබූවා.

රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දීමෙන් අනතුරුව 2018 වසරේ දෙසැම්බර් මාසයේදී සෝමරත්න දිසානායක මහතා කතානායකවරයා හමුවටද කැඳවනු ලැබූවා.

ඒ වන විට පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් අත්හිටුවා තිබූ අතර මේ පිළිබඳව දිසානායක මහතාගෙන් කතානායකවරයා විමසා සිටියදී තමන් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බව පවසා තිබුණා.

පසුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී කොට්ටාව බටහිර 496 D ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 10 වැනි මාවතට යාව ඇති A ශ්‍රේණියේ කුඹුරු බිමක් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ලේඛනගත අතිශය වැදගත් රැම්සා තෙත් බිමක් සිය දේශපාලන බලය සහ ඉහළ සම්බන්ධතාවල රැකවරණය ලබමින් අනීතිකව ගොඩකරමින් සිටින සෝමරත්න දිසානායක ඇතුළු පිරිසකට වහාම එම අපරාධය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාවේ නිලධාරීන් නියෝග කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

POPULAR ARTICLES

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...