26 C
Colombo
Wednesday, February 19, 2025

සමහරු විදුලිය කපලා දේශපාලන වාසි ගන්න හදනවා – ඇමති රෝහිත

- Advertisement -

විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබියදීත් විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවට ලක් කරමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඒ ඊයේ (25) දින කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයෙ උදේ වරුවේ විදුලිබල ඇමතිතුමාවත් බලශක්ති ඇමතිතුමාවත් ඒ අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීනුත් ගෙන්වලා සාකච්ඡාවක් පැවැත්වුවා ගරු මුදල් ඇමතිතුමාත් එක්ක. ඒ පවත්වලා ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේ කිසිසේත්ම විදුලි කප්පාදුවක් කරන්න එපා කියලා. රජය හැටියට තෙල් ගේන්න අවශ්‍ය කරන මුදල් ලබාදෙන්නත් අනුමැතිය ලබාදුන්නා. මේ සියලු දේවල් ලබාදීලා ජනාධිපතිතුමා නියෝගයක් ලබාදීලා තිබෙද්දීත් අපට පේනවා මේ විදුලිබල මණ්ඩලයේ ඉන්න යම් යම් නිලධාරීන් උත්සාහ කරනවා දේශපාලන වාසි ගන්න. මේක පැහැදිලිව කියන්න ඕනෙ. දැන් රජය වගකියනවා නම් තෙල් ටික ගෙනල්ලා දෙනවා නම් මේ සියල්ල වගකීම රජය භාරගන්නකොටත් හවස් වෙනකොට දානවා කපන කාලසටහන. මේ මිනිස්සුන්ගෙ ඔළුව නරක් කරන්නනේ හදන්නෙ … ඔළුව නරක් කරන්න හේතුව මොකක්ද ? රජය අපහසුතාවට පත්කරන්න.

ඇත්ත වශයෙන්ම මේ විදුලි අර්බුදයට යන්න හේතුව සමස්ත විදුලිබල මණ්ඩලය නෙවෙයි, මේකෙ ඉන්නවා එක්තරා අතළොස්සක්. ඔවුන් ඉන්නෙ මේකෙ කඩාකප්පල්කාරී ව්‍යාපාරයක. මොකද ඒගොල්ලන් කැමතිවෙන්නෙ නෑ විශේෂයෙන්ම සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරනවාට. වෙනත් ක්‍රමවේදවලින් විදුලිය නිෂ්පාදනය කරද්දී මේගොල්ලො හැමදාම මොකක්හරි හරස් වැඩක් කරන්නෙ. ඒ නිසා බොහොම පැහැදිලිව මේ ගැන රටේ ජනතාව දැනුවත් වෙන්න වෙනවා. රජය කොහොමහරි මේ මිනිස්සුන්ව කළුවරේ තියන්නෙ නැතුව ඉන්න හදනකොට මේකට එහෙන් මෙහෙන් ඇවිල්ලා කකුලෙන් අදිනවා නම් මගේ නම් මතය ඔවුන්ට නීත්‍යානුකූලව දඬුවම් දිය යුතුයි. එහෙම දඬුවම් නොදුන්නොත් ජනතාව මේ අයට දඬුවම් ලබාදෙයි කියන එක නම් ලොකු විශ්වාසයක් තියෙනවා.

මේ වෘත්තීය සමිති කෙනෙකුට කියන්න පුළුවන්ද විදුලිය කප්පාදු කරනවාද නැද්ද කියන එක ? එහෙම නම් වෘත්තීය සමිතියේ කෙනෙක් විදුලිබල මණ්ඩලේ සභාපතිකමට දාලා තියන්න ඕනෙ. එතකොට වෘත්තීය සමිතියේ කවුරුහරි මහත්තයෙක්ව දාන්න ඕනෙ සාමාන්‍යාධිකාරී කරලා. ඇමතිකමත් දෙන්න ඕනෙ ඒගොල්ලොන්ට. ඒගොල්ලො තමයි තීන්දු තීරණ ගන්නෙ. රජය නෙවෙයි තීන්දු තීරණ ගන්නෙ. එහෙම නම් මිනිස්සුන්ට වැරදි මතයක් දුන්නොත් විදුලිය කපනවා කියලා ඒක මහා භයානක වැඩක් නෙ. එතකොට එවැනි දේවල් ප්‍රකාශ කරන එකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. දෙයිහාමුදුරුවනේ මේ මිනිස්සු මේ රටට කරන අපරාධයක් හැටියට තමයි අපි මේක දකින්නෙ”

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES