29.2 C
Colombo
Tuesday, May 13, 2025

සමහර නාලිකා බොරු ප්‍රවෘත්ති හදන්න පටන් අරන් – අනුර

- Advertisement -

සමාජය තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීම සඳහා මාධ්‍ය නාලිකා මෙන්ම දේශපාලනයද කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ මාතර ජනතා රැලිය අමතමින් ඊයේ (30) අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ, අලුතින් පත්වූ රජයට ශක්තිමත්භාවයක් ගොඩනඟාගැනීමට ඉඩ නොදී ඊට බාධා කිරීමේ අරමුණෙන්  ඇතැම් මාධ්‍ය නාලිකා අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන ඇති බව

ඇතැම් මාධ්‍ය නාලිකා ආණ්ඩුව මුදල් අච්චු ගැසූ බවට මුලින් සඳහන් කර පසුව එය වෙනස් කළ බවත්, තවත් සමහර මාධ්‍ය නාලිකා ආරුගම්බේ සිද්ධියේ බුද්ධි තොරතුරු ලැබුණේ ඉන්දියාවෙන් බවත්, තොරතුරු ලබාදෙන අයට ලක්ෂ 50 බැගින් මුදල් ​ද ලබාදුන් බවට සඳහන් කළ බවත්, ඒවා සම්පූර්ණ අසත්‍ය බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා සිටියා.

“අසත්‍ය කරුණු මාධ්‍ය තුළ වාර්තා කරන්න පටන් ගත්තා, මෙහි යම් අරමුණක් තියෙනවා. මේ අරමුණ තමයි, අපි බලය අරගෙන ඉතා කෙටි කාලයයි, අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි, දේශපාලන බලය සාමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගණනාවක ශක්තිමත් භාවයෙන්…කැබිනට් මණ්ඩලයේ අපි ඉන්නේ තුන් දෙනයි, ජනාධිපති අගමැති, ඇමති තුනයි. ලෝකෙම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්..අලුත් ආණ්ඩුවක්, කුඩා කැබිනට් මණ්ඩලයක්  එතකොට ඒගොල්ලො කල්පනා කරනවා ශක්තිමත්භාවයක් ගොඩනඟන්න ඉඩ නොදෝ මේක හොල්ලන්නේ කොහොමද කියලා, ඒ සඳහා තමයි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ”

RECENT ARTICLES - SINHALA

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට...

පාලුකඩවල වැවේ දියනෑමට ගිය දැරිවියන් දෙදෙනෙක් මරුට

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද...

වෙසක් දවසේ බයික්වලින් ඇවිත් පාරේ යකා නටලා – බයික් 36ක් පොලීසියේ

ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12)  වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස්...

POPULAR ARTICLES