31 C
Colombo
Wednesday, March 29, 2023

‘ගෝඨාභයගේ ඇතැම් ක්‍රම අසාර්ථකයි” – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩුකරණයට යොදාගත් ඇතැම් ක්‍රම අසාර්ථක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මතවාදීව සහාය පළ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසයි.

කැබිනට් ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ විධායකය, ප්‍රතිපත්තිමය දැක්ම වසර පහකට සීමා කිරීම, පාසල් දහසේ වැඩපිළිවෙල මන්දගාමී වීම, ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිවරයා ආවේගශීලී වීම ආදිය මහාචාර්ය සුදන්ත ලියනගේ ඊට නිදසුන් ලෙස දක්වා ඇත.

බාධක හමුවේ නොසැලෙන බව ජනාධිපතිවරයා පෙන්නුම් කළත් එ ගතිගුණ සෙසු දේශපාලන නායකයන්ට නොවීම අඩුපාඩුවක් යැයි පවසන හෙතෙම ජනාධිපතිවරයා අපේක්ෂිත ඉලක්ක කරා යාමට වසර පහක් යනු ප්‍රමාණවත් කාලයක් නොවන්නේ යැයි ද පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මෙම අදහස් පළ කර ඇත්තේ ‘ලංකාදීප’ පුවත්පත හා සාකච්ඡාවකට එක්වෙමිනි.

අභ්‍යන්තර හෝ බාහිර කුමන්ත්‍රණ ආදී කරුණු සලකාබලද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලදීගැනීම යනු ඉදිරියේදී අමාරු කාරියක් නොවන්නේ යැයි ද එවැනි පරිසරයක ප්‍රතිපත්තිමය ගමන ගැන මෙන්ම සිය පක්ෂයත් පාක්ෂිකයාත් ජනතා අපේක්ෂාත් එකවර ජයගැනීමේ සැලසුම් ගැන ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සැලකිලිමත්වීමට අත්‍යවශ්‍යයෙන්ම සිදුවන්නේ යැයි ද ලියනගේ මහතා පවසා ඇත.

තමා සිංහල බෞද්ධ නායකයෙක් යන්න ජනාධිපතිවරයා නිතර සිහිකැඳවූවත් දෙමළ හා මුස්ලිම් ජනයා ද මෙම සිංහල බෞද්ධ ජනාධිපතිවරයාගෙන් සාධාරණයක් අපේක්ෂා කරමින් සිටින බව අමතක නොකළ යුතු යැයි ද මහාචාර්යවරයා එහිදී අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...