27.7 C
Colombo
Thursday, April 25, 2024

පාස්කු ප්‍රහාරයට යුක්තිය අපේක්ෂාවෙන් කතෝලික සභාව ගත් ක්‍රියාමාර්ග ඇතැම් පාර්ශව වෙනත් අරමුණු සදහා භාවිතා කරනවා – ජී.එල්. පීරිස්

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය අපෙක්ෂාවෙන් කතෝලික සභාව ගත් ක්‍රියාමාර්ග ඇතැම් කණ්ඩායම් වෙනත් අරමුණු සදහා භාවිත කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඊයේ (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ එවැනි පාර්ශව ජාත්‍යාන්තර තලයේ කටයුතු කරන්නේ නම් ඊට ජාත්‍යාන්තරය ඉදිරියේ පිළිතුරුදීමට රජය මේ වනවිට විධිමත්ව සුදානම් වෙමින් සිටින බවයි.

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ව දැනුවත් කිරීමට තමන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් නුදුරේදීම ඊට අවස්ථාවක් ලබාදෙන බව අගරදගුරු කාර්යාලය දන්වා ඇති බවත් ජී.එල්. පීරිස් මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදි පැවසුවා.

කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අරඹමින් ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන ජාත්‍යාන්තර සමුළු කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි.

ඒ අනුව සැප්තැම්බර් 12 ජීනිවා හීදි මානව හිමිකම් කවුන්සලයත්, සැප්තැම්බර් 21 වනදා නිව්යෝර්ක් හීදි එක්සත් ජාතින්ගේ මහ සම්මේලනයත් පැවත්වීමට නියමිත බව ඔහු මෙහිදි සදහන් කළා.

එහිදි ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා සම්බන්ධයෙන් මෙරට ප්‍රතිචාරය මේ වන විටත් එම සම්මේලන නියෝජනය කරන ශ්‍රී ලාංකීක නියෝජිතයන් දැනුවත් කර ඇති බවද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවා.

ඒ අනුව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදි විදේශ අමාත්‍යවරයා පල කළ ප්‍රධාන කරුණු දෙක අතර යම් සම්බන්ධතාවයක් පවතින්නේද යන ගැටළුව මතුවනවා.

එනම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව මෙතෙක් ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක නොවීම මත තමන් ජාත්‍යාන්තරයට යාමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර ඇති පසුබිමක සහ ඉදිරියේදි ජාත්‍යාන්තර මානව හිමිකම් කවුන්සලය රැස්වීමට නියමිත පසුබිමක විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කාදිනල් හිමිපාණන් හමුවීමට උත්සහ දැරීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...