28.4 C
Colombo
Friday, April 26, 2024

සියල්ලන් ඉදිරියේ ජනපති රනිල්ගෙන් සමාව අයැදියි (වීඩියෝ)

- Advertisement -

හිත රිදෙන යමක් සිදුවූයේ නම් තමන් ඊට සමාව අයැදින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට අද (23) දින ප්‍රකාශ කර සිටියා.

ඒ, ජනාධිපතිවරයා විසින් අද දින කැඳවූ සර්ව පාක්ෂික සමුළුව රැස් වූ අවස්ථාවේදීයි.

රනිල් වික්‍රමසිංහ මහතාට පෙර සමුළුව ඇමතූ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් වත්මන් අර්බුදයේ වරද මීට පෙර පැවති රජය පිට පැටවීමට විරෝධය පළ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වූ අතර ඔහු එහිදී පවසා සිටියේ මෙම අවස්ථාවට තමන් සහභාගී වූයේ පටු දේශපාලනය පසෙක ලා බවයි.

වරද සම්බන්ධයෙන් අතීතයට යන්නේ නම් විජය රජුගේ කාලයටම යා යුතු වන බවත් පක්ෂ දේශපාලනයෙන් තොරව තමා පැමිණි ගමනෙන් අනතුරුව අද දින සහභාගී නොවූ විපක්ෂයේ දේශපාලන කොටස් සමඟ සාකච්ඡා කොට ඔවුනුත් මීට සම්බන්ධ කරගැනීම තම අරමුණ බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා සිටියා.

ඉන් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවයි.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...