24 C
Colombo
Sunday, January 19, 2025

දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවලා

- Advertisement -

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වද එරට පාර්ලිමේන්තුව අද (27) දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

දෝෂාභියෝග යෝජනාව පිළිබඳ පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵල නීති සම්පාදකයින් වෙත දැනුම් දෙමින් එරට පාර්ලිමේන්තුවේ කතානායක වෝ වොන් ෂික් පැවැසුවේ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝට එරෙහිව ගෙන ආ දෝෂාභියෝග යෝජනාව සම්මත වු බවත් ඡන්දය ප්‍රකාශ කළ නීති සම්පාදකයින් 192 ගෙන් 192 දෙදෙනාම එයට පක්ෂව ඡන්දය පාවිච්චි කරලා තිබෙන බවයි

දකුණු කොරියානු හිටපු ජනාධිපති යුන් සුක් යෝල් යුද නීතිය ප්‍රකාශයට පත් කරමින් දියත් කළ කැරැල්ලට සහයෝගය ලබාදෙන බව පවසමින් හන් ඩක් සෝට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට විපක්ෂය කටයුතු කළා.

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය සම්පූර්ණ කිරීමට හන් ඩක් සෝ මැලිකමක් දක්වන බව විපක්ෂයේ චෝදනාව වුණා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES