25 C
Colombo
Wednesday, September 27, 2023

රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළට දකුණු කොරියාවේ සහය

- Advertisement -

ආර්ථිකය යළි ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසනවා.

දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදී.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ දකුණු කොරියානු ජනාධිපතිවරයා අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාවට, දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන්නැයි ද දකුණු කොරියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනාවක්ද සිදු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...