28 C
Colombo
Sunday, October 1, 2023

ස්පාඤ්ඤය යූරෝ කුසලාන අවසන් පූර්ව වටය

- Advertisement -

යූරෝ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ පළමු තරඟය ස්විට්සර්ලන්තය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණා.

යුරෝ කුසලාන තරඟාවලියකදී මෙම රටවල් ද්විත්වය එකිනෙකා හමු වූ පළමු අවස්ථාව මෙයයි.

ස්විට්සර්ලන්තය මීට පෙර ලෝක කුසලාන තරගාවලි 3ක අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබුණද යූරෝ කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ පළමු වරටයි.

කෙසේ වෙතත් ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ 3ම ස්විට්සර්ලන්තය පරාජයට පත්ව තිබෙනවා.

මෙවර තරඟාවලියේ දී ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ලෝක ශූර ජර්මනිය පරාජයට පත්කරමින් වන අතර ස්පාඤ්ඤය 5-3ක් ලෙස ක්‍රොඑෂියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියා.

ඊයේ (02) තරඟයේ අටවන මිනිත්තුවේදීම ස්විට්සර්ලන්ත දැල ආක්‍රමණය කරමින් ගෝලයක් වාර්තා කළ Jordi Alba ස්පාඤ්ඤයට ප්‍රබල ආරම්භයක් ලබා දුන්නා.

ඒ අනුව තරඟයේ පළමු අර්ධය නිමා වනවිට 1-0ක් ලෙස ස්පාඤ්ඤය පෙරමුණේ පසුවුණා.

Xherdan Shaqiri තරඟයේ 68 වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගැනීමත් සමග ස්විට්සර්ලන්තය තරඟයට අවතීර්ණ වුණා.

ඉන්පසුව කණ්ඩායම් දෙකම ඉතා ආක්‍රමණශීලී තරඟ රටාවක නිරත වූ අතර ගෝල ලබා ගැ⁣නීමේ අවස්ථා කිහිපයක්ද දෙරටම අහිමි වුණා.

අතිරේක කාලය දක්වා තරඟය පැවැත්වුණද 1-1 වූ ලකුණු සංඛ්‍යාව වෙනස් වූයේ නැහැ.

ඒ අනුව දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තේරීමේ අවස්ථාවට එළැඹුණා.

සුපිරි 16දෙනාගේ වටයේදී ස්විට්සර්ලන්තය ජර්මනිය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ දඬුවම් පහර මගින් වීම විශේෂත්වයක්.

එම තරගයේදී ස්විට්සර්ලන්තය දඬුවම් පහර පහම සාර්ථක කරගත්තා.

නමුත් ඊයේ තරඟයේදී ස්පාඤ්ඤය දඬුවම් පහර තුනක් සාර්ථක කර ගනිමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගනිද්දී ස්විට්සර්ලන්තයට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණේ එක් දඬුවම් පහරක් පමණක් සාර්ථක වීම නිසාවෙන්.

යූරෝ කුසලාන තරඟාවලිය තුල ස්පාඤ්ඤය දඬුවම් පහර මගින් තරඟයක් ජයගත්තේ සිව්වන වරටයි.

(1994 – ඩෙන්මාර්කය / 2008 – ඉතාලිය / 2012 – පෘතුගාලය) එය තරගාවලි ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනයි.

එමෙන්ම යූරෝ කුසලාන තරඟාවලිය තුල ස්විට්සර්ලන්තය සහභාගී වූ පිලිමලුන් පිටුදැකීමේ වටයේ තරඟ තුනම ( 2016 – පෝලන්තය / 2021 – ප්‍රංශය) දඬුවම් පහර මගින් ජයග්‍රහණය තීරණය කළ තරඟවීමත් විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...