කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබෙනවා.
අද (27) පෙරවරු 11.20 ට මෙම පනත සදහා කතානායකවරයා සිය අත්සන යෙදූ බව කතානායක කාර්යාලය නිවේදනය කරනවා.
මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද සිට බලාත්මකවනවා.
