30 C
Colombo
Tuesday, April 29, 2025

අයවැයට කථානායකගේ සහතිකය

- Advertisement -

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අද (21) සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 03 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වන බව පාර්ලිමේන්තු කටයුතු මහලේකම් කාර්යාලය පවසනවා.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහාත විසින් පසුගිය පෙබරවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව පෙබරවාරි 18 වැනිදා සිට 25 වැනිදා දක්වා දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැති අතර පෙබරවාරි 25 වැනි දින විසර්ජනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 වැනි දින සිට අද දිනය දක්වා දින 19ක් පැවැත්වුවා.

අද දිනයේදී විර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පස්වරු 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 159ක් ද විපක්ෂව ඡන්ද 45ක් ද හිමිවිය.

ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

POPULAR ARTICLES