30 C
Colombo
Tuesday, April 29, 2025

උණුසුම් කාලගුණය ගැන සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

- Advertisement -

පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය හේතුවෙන් මරණ පවා ඇති විය හැකි අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන් දීර්ඝ කාලීන රෝග සහිත පුද්ගලයින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ අනෙකුත් සාමාන්‍ය පුද්ගලයින්ද මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නන්න්දන දික්මාදුගොඩ මහතා,

“අතරින් පතර වැස්ස තිබුණත් අපිට දැනෙනවා දැඩි රශ්නයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි එළියේ පවතින වලාකුළු නිසා අවට තියෙන ජල වාශ්ප ඉහළට යන්නේ නැති නිසා පරිසරයේ ජලවාශ්ප ප්‍රමාණය ඉතා අධිකයි. ඒ නිසා අපිට දැඩි දහඩියක් දමන තත්ත්වයක් පවතිනවා.

ඒ නිසා ඔබ එලියකට ගමන් කළොත් දැඩි හිරු රෂ්මියකට ලක්වෙනවා. මේ නිසා සෞඛ්‍ය ප්‍රශ්න කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් උෂ්ණත්වය අධික වීම නිසා එළියේ වැඩකරන අයට අපහසුතා දැනෙන් පුළුවන්. ඔළුව කරකැවිල්ල, ඇඟපත වේදනාව වගේම අධික දහඩිය දැමීමක් ඇතිවන්න පුළුවන්.

මූලික අවස්ථාවේදී මේ තත්ත්වය පවතින්න පුළුවන් නමුත් මෙහි දරුණු තත්ත්වක් පවතිනවා අපි සඳහන් කරන තාප කම්පන තත්ත්වයට යාමෙන් අපි සියලු දෙනාම වළකින්න ඕනේ. මේ තත්ත්වය මරණය දක්වා යන්න පුළුවන් තත්ත්වයක්. 

විශේෂයෙන් කුඩා ළමයින්, වැඩිහිටියන් වගේම දීර්ඝ කාලීන රෝග තත්ත්වයන් පවතින පුද්ගලයින්ට මේ තත්ත්වය බලපාන එක අනික් සාමාන්‍ය අයට වඩා වැඩිවෙන්න පුළුවන්. එම නිසා එම තත්ත්වයන් පවතින අය සහ කුඩා දරුවන් තාපයට නිරාවරණය වෙන එක හැකි තරම් වළක්වා ගන්න. 

එළියට යන්න අත්‍යවශ්‍ය නම් ඔබ ඒ තාපයෙන් වැළැකීම සඳහා කුඩයක් හෝ විශේෂ ඇඳුම් පාවිච්චි කිරීම අවශ්‍යයි. ශරීරයේ දහඩිය දැමීමට අපි ඉඩ දෙන්න ඕනේ. මේ දහඩිය ශරීරයෙන් පිටවීමේදි ශරීරයේ උෂ්ණත්වය පහළ යනවා. 

ඒ වගේම දියර වැඩියෙන් පානය කරන්න ඕනේ. කුඩා දරුවන්ට පාසල් යනවානම් වතුර බෝතල් දෙකක් දෙන්න. ඒ වගේම අනික් පුද්ගලයින්ටත් දියර වැඩියෙන් පානය කිරීමට දෙන්න. විශේෂයෙන් දියර ගැන සඳහන් කළාම කැඳ, සුප්, තේ, ජීවනී වැනි සීනී, ලුණු, ලවණ තියෙන දේවල් වඩාත්ම වැදගත්.”

RECENT ARTICLES - SINHALA

පුතා ගෙනා චීන පටස් හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ...

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

POPULAR ARTICLES