25 C
Colombo
Wednesday, March 19, 2025

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

- Advertisement -

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, අදාළ විභාග අපේක්ෂකයකු වේ නම්, ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වන සෙනසුරාදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබෙනු ලබනවා.

අදාල ලිපිය www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද පහසුකම් ලබා දී තිබෙනවා.

මේ වනතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම්, ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවද වැඩිදුරටත් දන්වා සිටිනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වර්ෂයේ මාර්තු මස 17 දින සිට පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලපු හේතුව

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්...

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

POPULAR ARTICLES

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝගයක්

රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළේ යැයි කියන සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට...

මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලපු හේතුව

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්...

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...