28 C
Colombo
Thursday, January 16, 2025

උත්සව සමය වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

- Advertisement -

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බවයි.

මේ අතර, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

“මේ සියලු දේ ඔබ වෙනුවෙන් සිදුකිරීමට ඔබගේ සහාය අවශ්‍යයි. ඔබ අසල සිටින නන්නාඳුනන පුද්ගලයින් ඒ වගේම සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම තියෙන පොලීසියට දැනුම් දෙන්න. ඔබගේ දේපළ, මුදල් ගැන නිරතුරුව සුපරික්ෂාකාරී වෙන්න.”

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...