අද (24) මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන – හල්පේ ශුද්ධ වූ ප්‍රැස්සිස් සේවී මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වෙන බවයි.
මේ අතර කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිලධාරීන් 7500 ක් යොදවා ඇති බවයි.