වසරේ අවසාන දින වන හෙට (31) දින රාත්‍රියේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළා.
එහිදී ඔහු පැවසුවේ, අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් හෙට පස්වරු 05 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.
විශේෂයෙන් ගාලුමුවදොර ආශ්‍රිතව මෙම රථවාහන සැලස්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.