26 C
Colombo
Wednesday, January 22, 2025

කෝලිට හූ කියලා

- Advertisement -

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.

ඊයේ කෝලි ලකුණු 36කට දැවී යාමෙන් අනතුරුව නැවත ක්‍රීඩාගාරයට යන අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ සිටි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් හූ හඬ නඟමින් කෝලිට අප්‍රසාදය පළ කරනු දක්නට ලැබුණා.

එහිදී  ක්‍රීඩාගාරය වෙත මඳ දුරක් ගමන්කරන කෝලි නැවත හැරී පැමිණ ප්‍රේක්ෂකයන් දෙස කෝපයෙන් බලා සිටින ආකාරයද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවල දැක්වෙනවා.

පළමු ටෙස්ට් තරඟය පැවැත්වූ දිනයේ කෝලිගේ හැසිරීම හේතුවෙන් හටගත් මතභේදාත්මක තත්වයක් ක්‍රීඩා ලෝලීන් මෙසේ කෝලිට අප්‍රසාදය පළ කිරීමට හේතු වී තිබෙනවා.

තරගයේ පළමු දිනයේ 10 වැනි පන්දු ඕවරය අවසානයේදී කෝලි  ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් වෙත ඇවිද ගොස් උවමනාවෙන් මෙන් ඔහුගේ උරහිසේ ගැටෙන අයුරු දක්නට ලැබුණා.

කෝලිගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ඔහුගේ තරග ගාස්තුවෙන් 20%ක් දඩයක් ලෙස අය කරගැනීමටත් ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු වන රවී ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලී සිදුකර ඇත්තේ අනවශ්‍ය ක්‍රියාවක් බවයි.

මේ අතර හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ද සඳහන් කර තිබුණේ පළපුරුදු ක්‍රීඩකයෙකු වන කෝලී එම ගැටුම නිර්මාණය කළ බවයි.

පසුගියදා (26) සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලිනු ක්‍රීඩක කොන්ටාස් ඉන්දියාවට එරෙහිව වේගවත් ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුණා.

19 හැවිරිදි කොන්ටාස් ග්‍රීක සම්බවයක් සහිත ක්‍රීඩකයෙක්.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. 2014 වසරේදී රුපියල් මිලියන 6.1ක...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES