26 C
Colombo
Friday, December 8, 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කටයුතු ගැන ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රිකට් ආයතනයට දොස්

- Advertisement -

2023 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සහ කාර්ය මණ්ඩලය සඳහා අනුමැතිය ලබා ගැනීමේදී ඒ සඳහා පවතින නිවැරදි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට් පරිපාලනයට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) චෝදනා නඟනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය සඳහා පිටත්ව යාමට දින 21කට පෙර සංචිතයේ සහ කාර්ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවිය යුතු බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ අත්සනින් අනුමැතිය ඉල්ලා සැප්තැම්බර් 20 වැනි දින යොමු කරන ලද ලිපියක් සැප්තැම්බර් 21 වැනිදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබුණු බව එම නිවේදනයේ සඳහන්.

සිකුරාද දින (21) එම ලිපිය ලැබීමෙන් අනතුරුව සෙනසුරාදා සහ ඉරිදා යෙදී  ඇති නිවාඩු දිනද නොසලකා ජාතික ක්‍රීඩා සභාවේ අනුමැතිය ද, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද සහිතව 2023.09.25 සදුදා දින පස්වරුවේ අමාත්‍යාංශ ලේකම් වෙත ලිපි ගොණුව භාර දීමට කටයුතු කර ඇති බව ක්‍රීඩා අමත්‍යංශය පෙන්වා දෙනවා.

අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ ලෝක කුසලාන තරඟාවලිය සඳහා දින කිහිපයක් පමණක් තිබියදී ඒ සඳහා අනුමැතිය ඉල්ලීම හේතුවෙන් තරඟාවලිය සඳහා සුදුසු කණ්ඩායමක් තේරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට නොහැකි වී ඇති බවයි.

ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අනුමත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රීඩා අමාත්‍යංශයට චෝදනා කිරීම හේතුවෙන් අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...