27 C
Colombo
Saturday, April 20, 2024

Spotify ශ්‍රී ලංකාවට

- Advertisement -

ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන රටවලට  සිය සේවා ව්‍යාප්ත කල  බව නිල වශයෙන් දැනුම් දීම සිදු කෙරිණි.

කිසිඳු අවිවාදයකින් තොරව ලොව බොහෝ දෙනෙකු විසින් සිය විනෝදාස්වාද කටයුතු උදෙසා භාවිත කරන Spotify, ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසු වූවා.  දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify හරහා මිලියන 70කට අධික ජනප්‍රිය ගීත සඳහා ප්‍රවේශය හිමි වන අතර, මෙහි විදේශීය මෙන්ම දේශීය වශයෙන්  ප්‍රචලිත ගීත රැසක් දැකගත හැකිය.   

ලොව පුරා මිලියන 155ක Premium ග්‍රාහකයන් පිරිසක් ඇතුළුව මාසිකව මිලයන 345කට අධික ශ්‍රාවක පිරිසක් Spotify හා එක් වේ.  Spotify සේවාව වෙත නොමිලයේ පිවිසිය හැකි අතර, කිසිඳු දැන්වීම් හෝ වෙනත් බාධාවකින් තොර සංගීත රසාස්වාදයක් උදෙසා  Spotify Premium වෙත ගිණුම යාවත්කාලීන කිරීමේ අවස්ථාව දැන් පරිශීලකයින්ට හිමි වේ.  

විවිධ වර්ගයේ ස්මාර්ට් උපාංග තුළ භාවිත කළ හැකි Spotify ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අසමසම විශේෂාංග රැසක අත්දැකීම පරිශීලකයාට හිමි කර දෙමින්. මේ හරහා සංගීත ලෝලීන් හට පුද්ගලීකරණය කළ සංගීත නිර්දේශයන් ලබා ගැනීමට, නවතම ගීත රස විඳීමට අවස්ථාව මෙන්ම ඒවා සමීපතයන් අතර බෙදා ගැනීමට අවස්ථාව හිමි වේ.  

ශ්‍රී ලංකාව වෙනුවෙන්ම ක්‍රියාත්මක වන Spotify Playlists තුළ දිනපතා යාවත්කාලීන වන Hot Hits Sri Lanka, Sinhala Rap-zillas, Sinhala Pop, Sinhala Lounging ඇතුළු ගීත කාණ්ඩ රැසක් දැකගත හැකි වේ. 

Spotify හි ප්‍රධානතම සුවිශේෂීත්වය වනුයේ පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේෂ වූ Playlists එකයි. සෑම නව සාමාජිකයෙක්ම Spotify හා එක්වන අවස්ථාවේ ඔවුන්ටම අවේණික වූ ගීත ඉදිරියේදී ලබා දීම සඳහා ‘Taste Onboarding’  ක්‍රියාවලියක් Spotify හා ඒකාබද්ධ කර ඇති තිබීම හා තමන් ආදරය කරන ගීත ඉතා පහසුවෙන් ගවේෂණය කිරීමටත්, ඒවාට සවන්දීමටත් දැන් දේශීය පරිශීලකයින්ට Spotify හරහා අවස්ථාව හිමි වීමයි. 

 Spotify තුළ පවතින අනෙකුත් වැදගත් විශේෂාංග වනුයේ, ඩේලි මික්ස් (ඔබ කැමති යැයි අපි සිතන නව ගීත සමඟ ඔබේ ප්‍රියතම ගීත ඒකාබද්ධ කරන playlists), රිලීස් රේඩාර් (ඔබ අනුගමනය කරන සහ සවන් දෙන, සෑම සිකුරාදා දිනකම යාවත්කාලීන වන ඔබේ ප්‍රියතම කලාකරුවන් මත පදනම්වන playlist) සහ ඩිස්කවර් වීක්ලි  (ඔබගේ  සවන්දීමේ පුරුදු මත පදනම් වූ playlist) පැවතීමයි. 

දැන් ඕනෑම අයකුට  Spotify  මොබයිල්, ලැප්ටොප් හෝ ටැබ්ලට් හරහා ක්‍රියාත්මක  කරගැනීමේ හැකියාව හිමි වන අතර, Instagram, Facebook, Samsung mobile සහ TV, Apple TV, Apple Watch, Chromecast, Google Maps, Fitbit ඇතුළු Application ගණනාවක් හා ඒකාබද්ධ  කිරීමේ හැකියාවද හිමි වේ.  තවද Premium පරිශීලකයින් සඳහා Offline listening පහසුකම හිමි වන අතර, ඒ සඳහා ගීත පෙර ඩවුන්ලෝඩ් කිරීම සිදු කළ යුතුයි. තවද Premium පරිශීලකයින් සඳහා 320 kbps දක්වා වූ ශ්‍රව්‍ය ගුණත්වයක්ද හිමි වේ. 

මෙහි තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ Spotify For Artists ය. මේ හරහා කලාකරුවන් හට  ඔවුන්ගේ  රසිකයින් සමඟ සම්බන්ධ වීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ.  

RECENT ARTICLES - SINHALA

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...