27 C
Colombo
Sunday, April 2, 2023

මූඩිස් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව යළිත් පහළට

- Advertisement -

මූඩීස් ආයෝජන සේවය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළා තිබෙනවා.

මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවයි.

ඉතා අඩු විදේශ විනිමය සංචිත තත්ත්වයක් තුළ, රජයේ සැලකිය යුතු ඉදිරි පරිණතභාවයන් සපුරාලීම සඳහා යහපත් මූල්‍යකරණ ප්‍රවාහයක් නොමැතිකම, මෙම අවදානම මතු කරන බවට මූඩිස් ආයතනය සදහන් කරනවා.

එමෙන්ම රටේ බාහිර ද්‍රවශීලතා අවදානම ඉතා ඉහළ මට්ටමක පැවතීමත් තවමත් රජයට සුරක්ෂිත මූල්‍ය ප්‍රවාහයක් නොමැති වීමත්, ස්වෛරී බැඳුම්කර, swap ණය සහ ද්විපාර්ශ්වික ණය වැනි කොටස් අරමුදල් මත දිගටම විශ්වාසය තැබීමත් අනතුරුදායක බවද මෙහිදී එම ආයතනය පෙන්වා දෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ නිවැරදි නොවන අවස්ථාවක බවයි.

ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බව ද මහ බැංකු පවසනවා.

RECENT ARTICLES - SINHALA

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

වෘත්තිකයන් අවසන් තීරණයකට එන්න හෙට යළි රැස්වෙයි

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුවේ නියෝජිතයින් හෙට (03) යළි...

සජිත්ගේ අම්මා එක දවසක් වත් හිටපු නැති නිල නිවස යළි භාර දෙයි

හිටපු ජනාධිපති ආර්යාවක වන හේමා ප්‍රේමදාස මහත්මිය රජය විසින් තමන්ට මෙතෙක් ලබාදුන් නිල නිවස යළිත් රජය වෙත භාර දී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...