25 C
Colombo
Friday, March 29, 2024

ප්‍රබල යැයි කිවූ අයර්ලන්තය පහසුවෙන් පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට

- Advertisement -

අවසන් 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකාවට හමුවූ ප්‍රබලතම අභියෝගය වූ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 70කින් පරාජයට පත්කරමින් මීළඟ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

අවසන් 12 දෙනාගේ වටයට සුදුස්සන් තෝරා පත්කර ගැනීම සඳහා A කාණ්ඩයේ තරඟයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වුණේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශෙයික් සයෙඩ් පිටියේදීයි.

තරගයේ කාසිය වාසිය දිනාගත් අයර්ලන්ත නායක Andrew Balbirnie ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

නැමීබියාව සමඟ පැවැති පළමු තරගයේ දී මෙන්ම තරගයේ දී මෙන්ම මෙවරත් සිය අසාර්ථකත්වය පෙන්නුම් ශ්‍රී ලංකා මුල් පෙළ මුල්පෙළ අයර්ලන්ත වේගපන්දු බලඇණිය හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට යළි ක්‍රීඩාගාරයට හැරී ගියා.

කණ්ඩායමේ සිටින පරිණතම පිතිකරුවා වන ආරම්භක පිතිකරු කුසල් ජනිත් තමන් මුහුණ දුන් පළමු පන්දුවටම දැවීයන විට සිය පළපුරුද්ද යළි යළිත් අමතක කළ දිනේෂ් චන්දිමාල්ටද ලබාගැනීමට හැකිවූයේ ලකුණු 06ක් පමණයි.

අනතුරුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු පලමු පන්දුවේ යළි ක්‍රීඩාගාරයට හැරී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 1.4 කදී ලකුණු 8 කට කඩුලු 03ක් ලෙස දැක්වුණා.

කෙසේ වෙතත් කලක් පුරා පිත්තෙන් අසාර්ථක වූ පැතුම් නිස්සංක සහ වනිදු හසරංග කළකින් දක්නට ලැබුණු ලකුණු 123ක සුපිරි සම්බන්ධතාවයක් සිව්වන කඩුල්ල සඳහා ගොඩනැගුවේ කණ්ඩායම තුළ තමන් සතු වගකීම නිසි පරිදි හඳුනා ගනිමින්.

අවසන් ඉනිම් කිහිපය පුරාම පිත්තෙන් අසාර්ථක වූ වනිදු හසරංග පන්දු 47ක් තුළ අගනා ලකුණු 71ක් වාර්තා කළේ සිය ඉනීම අලංකාර හතරේ පහර 10කින් සහ දැවැන්ත හයේ පහරකින් වර්ණවත් කරමින්.

ඊට නොදෙවනි අනර්ඝ ඉනීමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හතරේ පහර 06ක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු 47ක් තුළ ලකුණු 61ක් ලබාගැනීමට සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න අඩු ලකුණු ගණනකට දැවී ගියද ඉනිමේ අවසන් පන්දුවාරයේ වේගවත් ප්‍රහාරයක් දියත් කළ නායක දසුන් ශානක පන්දු 11ක් තුළදි ලබාගත් වේගවත් ලකුණු 21ත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි කඩුලු 07ක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වුණා.

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි අයර්ලන්ත මුල්පෙළ ප්‍රහාරාත්මක පිතිකරුවන් යුගලය අඩු ලකුණු සංඛ්‍යාවකට යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට චාමික කරුණාරත්න සහ මහීෂ් තීක්ෂණ සමත් වුණා.

පෙර තරඟයේ දී මෙන්ම මෙම තරගයේදීත් විස්තර විචාරකයින්ගේ වඩාත් අවධානයක් දිනා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන් යුගලය වූ දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර 140Kmph වැඩි වේගයකින් මනා දෝලනයකින් යුතුව පන්දු යැවීම විශේශත්වයක්.

එමෙන්ම පෙර තරගයේ වීරයා වූ මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංගද අබුඩාබි තනතීරුව තුළ මනාව දගපන්දුව හැසිරවීමට සමත් වුණා.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ලකුණු 17කට කඩුලු 03ක් ලබාගැනීමට සමත් වූ අතර ලහිරු කුමාර ලකුණු 22කට කඩුලු 02ක්ද, චාමික කරුණාරත්න ලකුණු 27කට කඩුලු 02ක්ද දවාගත්තා.

එසේම වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව නියමිත පන්දුවාර 18.3 අවසානයේ අයර්ලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක Andrew Balbirnie පන්දු 39ක් තුළදි ලකුණු 41ක් ලබාගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ලකුණු 70කින් ජයග්‍රාහණය කළ අතර තරගයේ වීරයා සම්මානය හිමිවූයේ අගනා ඉනීමක් ක්‍රීඩා කළ වනිදු හසරංගටයි.

එම ජයග්‍රාහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබු අතර නෙදර්ලන්තයත් සමග පැවැත්වෙන මීළග තරගයත් ජයග්‍රාහණය කර ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ ප්‍රමුඛයා බවට පත්වුවහොත් ඔවුන් මීළග වටයේදි ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව හා එංගලන්තය සමග පළමු කණ්ඩායමේ තරඟ වදිනු ඇතියි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...