26.4 C
Colombo
Thursday, March 28, 2024

කැන්ගරුවන් හමුවේ ශ්‍රී ලංකාව තරඟාවලියේ පළමු පරාජය වැළඳ ගනියි

- Advertisement -

මෙවර T20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු පරාජය භූක්ති විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.

ඒ සුපිරි 12 දෙනාගේ වටයේ තමන් සහභාගි වූ දෙවන තරගය ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 07 කින් පරාජය වීමත් සමගයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පැවති තරඟයේ කාසිය වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු නායක ඇරොන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක ආරම්භයක් නොවූයේ පැට් කමින්ස් ක්‍රියාත්මක කළ තරඟයේ තෙවන පන්දුවාරයේදී පැතුම් නිස්සංක ලකුණු 07කට දැවී යාම හේතුවෙන්.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 15/1 ක් ලෙස සටහන් වූ අතර ඉන් අනතුරුව පිටියේ එක්වූ චරිත් අසලංක හා කුසල් ජනිත් ශ්‍රී ලංකා බලාපොරොත්තු දල්වාලමින් ඉනිම ස්ථාවර කිරීමට සමත් වුණා.

මෑත කාලයේ ශ්‍රී ලංකාව සොයාගත් ස්ථාවරම පිත්ත හසුරුවන්නා වන චරිත් අසලංක අංක 03 ස්ථානයට නියම සුදුස්සා තමන් බව යළින් පසක් කරමින් පන්දු 27ක් තුළ වේගවත් ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණේ හතරේ පහර 04ක් සහ හයේ පහරක් සමගින්.

කලකට පසු පිත්තෙන් සාර්තක වූ ආරම්භක පිතිකරු කුසක් ජනිත්ද පන්දු 25ක් තුළදි වේගවත් ලකුණු 35ක් ලබාගැනීමට සමත් වුණේ හතරේ පහර 04ක් සහ එක් හයේ පහරක් සමගින්.

කෙසේ නමුත් ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ස්ටීව් ස්මිත් අතට උඩ පන්දුවක් ලබාදෙමින් චරිත් අසලංක දැවී යාමත්, එල්ල කරන ලද දැවැන්ත හයේ පහරකට පසු මිශෙල් ස්ට්‍රාක් යොමුකළ සුපිරි යෝකර් පන්දුවක් හමුවේ කුසල් ජනිත් දැවී යාමත් සමග වේගයෙන් ගොඩනගමින් සිටි ශ්‍රී ලංකා ඉනිම මන්දගාමී වීම ඇරඹුනා.

අනතුරුව පිටියට පැමිණි වනිදු භසරංග සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 04 බැගින් ලබා තිබියදි යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූ අතර නායක දසුන් ශානකට පන්දු 19ක් තුළ ලබාගැනීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි.

කෙසේ නමුත් එක් පසක තනිව ලකුණු පුවරුව ඉහළ නැංවීමට උත්සහා කළ භානුක රාජපක්ෂ පන්දු 26ක් තුළ ලකුණු 33ක් ලබාගැනීමට සමත් වුණේ හතරේ පහර 04ක් සහ එක් හයේ පහරක් සමගින්.

ඒ අනුව වේගවත්ව ඇරඹි ශ්‍රී ලංකා ඉනිම මැදපෙළ මන්දගාමී වීමත් සමඟ නියමිත පන්දු වාර 20 තුළ ලකුණු 154 කට සීමා වූයේ කඩුලු 06ක් දැවී තිබියදියි.

ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාගත් නායක ඇරොන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල සඳහා ලකුණු 70 ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

කෙසේ වෙතත් තරඟයේ පස්වන පන්දුවාරයේදී තරඟය ශ්‍රී ලංකාව දෙසට යළි හරවා ගැනීමට තිබූ පහසු අවස්ථාවක් ගිලිහී ගියේ ඒ වන විට වේගවත් පිතිහරඹයක යෙදී සිටි ඩේවිඩ් වෝනර් දුෂ්මන්ත චමීරගේ පන්දුවකට කඩුලු රකින කුසල් ජනිත් අතට දුන් පහසු උඩ පන්දුවක් ඔහු අත් හැරීමත් සමගයි.

ඒ අවසරයෙන් සාර්ථක ලෙස නිම ගොඩනැගූ ඩේවිඩ් වෝනර් පන්දු 42කදි වේගවත් ලකුණු 62ක්ද, ඇරෝන් ෆින්ච් පන්දු 23කදි වේගවත් ලකුණු 37ක්ද ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 22කට කඩුළු 02ක් ලබා ගැනීමට සමත් වුනද එය ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟයේ ජයග්‍රාහණය කිරීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව පන්දුවාර 17ක් තුළදි කඩුලු 03 පමණක් දැවී ලකුණු 155ක් ලබාගනිමින් ජයග්‍රාහි ඉලක්කය පසුකර යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරඟයේ වීරයා බවට පත්වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇඩම් සම්පා යි.

එම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඛාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ 04 වන ස්ථානය දක්වා පසුබැස්සා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළග තරඟය එළඹෙන සෙනසුරාදා දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...