30.3 C
Colombo
Thursday, April 25, 2024

ණය උගුලක් පිළිබඳ භීතිය මධ්‍යයේ ශ්‍රී ලංකාව චීනයෙන් ඈත් වී ඉන්දියාවට සමීප වෙමින් පවතිනවා – විදෙස් මාධ්‍යයක් හෙළිදරව් කරයි

- Advertisement -

ඩොලර් බිලියන 4.5 ක් වටිනා චීන ණය ආපසු ගෙවීමට අපොහොසත් ශ්‍රි ලංකාව “ණය උගුලක්” පිලිබඳ භීතියක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීප වෙමින් චීනයෙන් ඈත් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

ණය බැඳීම් තෘප්තිමත් කිරීමට අවශ්‍ය නව අරමුදල් ලබාගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් Fitch Ratings සහ Moody’s Investor Service යන ආයතන විසින් පසුගියදා ණය ශ්‍රේණි ගත කිරීම්වල දී ශ්‍රී ලංකාව පහත හෙළීමට කටයුතු කර තිබුණා.

අදාළ මාධ්‍ය වාර්තාව පෙන්වා දෙන්නේ ඒ අනුව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අද්දරට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනවාරි 17 වැනි දින සිදු කළ චීන සංචාරය අතරතුර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හමුවේ “කොවිඩ්-19 වසංගතය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමු කරන ලෙසට ඉල්ලීම් කර ඇතැයි මාධ්‍ය වාර්තාව පවසනවා.

පසුගිය සති කිහිපය තුළ රට සිය ඉන්ධන ආනයන බිල්පත් ගෙවීමට විශාල අරගලයක නිරත වූ බවත් මෑතකදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී ඇල් පීරිස් මහතා දෙදින නිල සංචාරයකින් පසු ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4 ක මූල්‍ය ආධාර ලබා දුන් අතර නවදිල්ලිය සමඟ විශේෂ සබඳතා සඳහා රජය කැප වෙන බවට එහි දී සහතික වී තිබුණු බවත් එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ඉන්දීය සබඳතා ශක්තිමත් වීම පිළිබඳ පැහැදිලි කරමින් එම වාර්තාව පවසන්නේ සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගම විසින් ලබා දුන් මෙට්‍රික් ටොන් 40,000 ක ඉන්ධන තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා වෙත ලබා දුන් බවයි.

එම විදෙස් මාධ්‍ය වාර්තාව පහතින්,

https://www.wionews.com/south-asia/sri-lanka-getting-closer-to-india-to-deal-with-chinese-debt-trap-454776

RECENT ARTICLES - SINHALA

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව, අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන්...

විල්ගමුව පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

විල්ගමුව පොලිස් ස්ථානයේ මාර්තු 25 වනදා අතුරුදන් වූ ටී 56 ගිනි අවිය සොරා ගත් බවට පුද්ගලයෙකු ඊයේ ( 24) සවස් කාලයේදී අරලගන්විල ප්‍රදේශයේදී...

මහින්දානන්දගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් ගිහින්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...