24 C
Colombo
Thursday, February 13, 2025

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

- Advertisement -

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික, අධ්‍යාපන, මාධ්‍ය සහ සංස්කෘතික යන අංශ හරහා පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම්වලට එළඹි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ,

”අද ජනවාරි පහළොස් වෙනිදා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතාත් මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති සී ජින් මහතාත් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවේදී, දෙරට අතර ආර්ථික, සංස්කෘතික, දේශපාලන සම්බන්ධතාවයන් පිළිබඳ ඉතාමත්ම වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් වුණා. ඒ වගේම, ඒ ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව, දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහළොවකට අත්සන් තබනු ලැබුවා. ඒ අවබෝධතා අපේ රටේ ආර්ථිකයටත්, ඒ වගේම අපේ රටේ අධ්‍යාපන, මාධ්‍ය, සංස්කෘතියටත් ඉතාම වැදගත් අවබෝධතා ගිවිසුම් පහළොවක්. ඉතින් මේ හරහා, ශ්‍රී ලංකාවට විශාල වාසි රැසක් ඉදිරි අනාගතයේ ලබාගත හැකියි. මේ චීන ආණ්ඩුවේ සහයෝගය අපට දිගටම ලබාදෙන බවට, චීන ජනාධිපතිතුමා අද අපිට සහතික වුණා. ඉතින් මේ සාකච්ඡාවෙන්, ඒ වගේම මේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව, රාත්‍රී භෝජන සහභාගී වෙලා ඉතා සුහද කතා බහක යෙදුනා. චීනය දිගටමත් ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් ආධාර, උපකාර කරන බවට අපිට පොරොන්දු වුණා. ඒ වගේම ලංකාවේ පැත්තෙන් අපි, චීනය අතර පවත්නා සම්බන්ධතාවය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න දෙපාර්ශවයම එකඟතාවය පළ කළා.”

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES