25 C
Colombo
Thursday, March 23, 2023

ශ්‍රී ලංකාවට අරාබි තෙල් පිරිපහදුවක්?

- Advertisement -

සෞදි අරාබිය සමඟ ද්වී පාර්ශවික සම්බන්දතා වර්ධනය කරගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව පරිසර, අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස ඉරිදා රියාද් නුවර වෙත ගොස් තිබුණු අතර එහිදී ඔහු සෞදි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Waleed Al-Khuraiji සහ Sultan Al-Marshad ඇතුළු රාජධානියේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා

එහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ සෞදි අරාබිය සමඟ බලශක්ති සහයෝගීතාව ඉහළ නැංවීමට රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන බවයි. ඒ අනුව දකුණු ආසියානු ජාතිය තුළ පිරිපහදුවක් පිහිටුවීමට ඔහු සෞදි රාජ්‍යයට ආරාධනා කර තිබෙනවා.

තවද ශ්‍රී ලංකා නියෝජිතයා එරට Arab News සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එහිදී පෙන්වාදී ඇත්තේ සෞදි අරාබිය සමඟ සහයෝගීතාව වැඩිදියුණු කිරීම මගින් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට සහනයක් වනු ඇති බවයි. ශ්‍රී ලංකාව සෞදි අරාබිය සමග ගෑස් සහ බොරතෙල් සැපයීම ඇතුළු බලශක්ති හා ඉන්ධන අංශයන්හි දිගුකාලීන සබඳතා ඇති කර ගැනීමට සුදානම් බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

තවද, ශ්‍රී ලංකාව රටේ පතල් කර්මාන්තය සඳහා සෞදි ආයෝජකයින් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරය පිළිබද සතුටු වියහැකි බවත් බදාදා දින මෙම සංචාරය නිමකළ ශ්‍රී ලංකා නියෝජිතයා ප්‍රකාශ කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...