25 C
Colombo
Friday, March 29, 2024

ශ්‍රී ලංකාව තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ළඟ..! – සංජීව එදිරිමාන්න

- Advertisement -

බර්මියුඩා ත්‍රිකෝණය අසල ඇති නෞකාවක් මුහුණ දී ඇති අනතුරකට සමාන අනතුරකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බවත් තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේ ඒ මහතාගේ අත්දැකීම් සහ පරිණතභාවය නිල වශයෙන්ම බරපතළ ලෙස සැලකිල්ලට ගෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඒ, ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

“ඇයි අපි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළකරන්න තීන්දුවක් ගන්නෙ ? බර්මියුඩා ත්‍රිකෝණය ළඟදි නැවක් ආධුනික කපිතාන්වරයකුට පවරන්න බෑ. ඒ නිසා මේ අත්දැකීම් සහ පරිණතභාවය, දේශපාලනිකව ඔහු සතුව තිබෙන පරිචය අප නිල වශයෙන්ම බරපතළ ලෙස සැලකිල්ලට ගත්තා. මොකද, සමහරුන් මේ කාරණාව යම් යම් පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ රැකවරණය වෙනුවෙන් ගත්ත හුදු පෞද්ගලික තීරණයක් විදියට ලඝු කරන්න උත්සාහ කරනවා. මම ඉතාම පැහැදිලිව අවංකව කියන්න කැමතියි මන්ත්‍රීවරුන් විදියට අපවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් විදියටවත් ගරු ජනාධිපතිතුමන්ගෙන් කිසිදු පෞද්ගලික රැකවරණයක් අපේක්ෂා කරන්නේ නෑ”


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...