28.7 C
Colombo
Tuesday, April 23, 2024

ඒ තරම් අර්බුදයක් නෑ..! – හරීන්

- Advertisement -

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රටතුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදි.

ඒ අනුව, සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක සේවා, කෘෂිකාර්මික කටයුතු ඇතුළු සේවා පමණක් ක්‍රියාත්මක වන අතර මෙම තීරණය ජුලි මස 10 වැනිදා දක්වා බලපැවැත්වේ.

කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙය කිසිසේත්ම රට වසාදැමීමක් නොවන බවයි. රට වසාදැමීමට තරම් අර්බුදයක් රටතුළ නොමැති බවත්, දැනට රටතුළ තිබෙන සීමිත ඉන්ධන තොග ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවත් ඔහු සඳහන් කරනවා.

එසේම මෙවැනි පියවරක් අනුගමනය කරන්නේ, ජුලි 10 වැනිදා සිට රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ පෙර සූදානමක් ලෙස බවත් ජනතාව ඔවුන් ජීවත් වන ප්‍රදේශ තුළම රඳවා ගැනීම මේ හරහා සිදුවන බවත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ලඟම ඇති වෙළඳසලෙන්, ෆාමසියෙන් මිලදී ගතහැකි බවත් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

“රටක් හැටියට අපි මේ මොහොතේ විශාල කැපකිරීම් රාශියක් කරපු කණ්ඩායමක්. රටක් විදියට අපි විශ්වාස කරනවා රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් සහයෝගය ලබාදෙයි කියලා. විශේෂයෙන්ම මේකට හේතුව පසුගිය දවස්වල අපි ඇණවුම් කළ ඉන්ධන තොග සීමිත වීම සම්බන්ධයෙන් රටේ උද්ගතවෙලා තියෙන ව්‍යාකූල තත්වය. ඒ නිසා අපි මූලික වශයෙන්ම කල්පනා කරන්නෙ ජුලි 10 වනදායින් පස්සේ මේ රට සාමාන්‍ය ලෙස පත්වාගෙන යන්නට අවශ්‍ය ඉන්ධන සියලු දේ මේ දවස් කිහිපයේදී එක්‍ රැස්කර ගැනීම සහ ඒවා අවශ්‍ය විදියට බෙදාහැරීමේ කළමනාකාරීත්වය කරන්න.

අත්‍යාවශ්‍ය සේවා කිව්වාම ආහාර පාන බෙදාහැරීම්, අන්තර්වාර ප්‍රවාහනය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු ඉන්ධන ලබාදීම, ඒ වගේම ගුවන්යානාවලටත් සංචාරකයින්ටත් අවශ්‍ය කටයුතු ඒ අයුරින්ම සැපයෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් වරදවා තේරුම් ගන්න එපා, මේක ලොක්ඩවුන් එකක් නෙවෙයි. මේක හැබැයි නිවසේ සිට වැඩකිරීමක් ජුලි 10 වෙනිදා වෙනකල්. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ ඒ පළාතේ රැඳීම තමයි. ඒ පළාතේ රැඳීම තුළදී තමන්ගෙ බඩුගන්න තියෙන කඩ, ෆාමසි ඒ සියලු දේවල් සාමාන්‍ය පරිදි සිදුවෙනවා”


RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදයට දින නියම කරමින් මාලිමාවෙන් සජබෙට ලියුමක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7,...

වගාබිම් හෙක්ටෙයාර් 68,131කට හානි වෙලා

2023 සහ 2024 යන වර්ෂවල මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක්...

මුද්දර අහෝසි කරන්න අගමැතිගේ සූදානමක්

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මුද්දර භාවිතය යවත්කාලීන විය යුතු බවයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (20) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. දෙහි මිල රු 1000, ඉගුරු රු 2800, රාබු රු 60,තක්කාලි...

7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ...