32 C
Colombo
Friday, March 29, 2024

චීනය අතහැර ඉන්දියාවේ තුරුළට යන ශ්‍රී ලංකාව

- Advertisement -

විදේශ ඇමති මාහාචාර්ය ජී.එල්. පීරිස් පසුගිය සති අන්තයේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර මෙය ඇමැතිවරයා සිය පත්වීමෙන් අනතුරුව ඉන්දියාවේ සිදුකළ පළමු ඉන්දීය සංචාරයයි.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඇතුළු රජයේ ඉහළම නිලධාරීන් රැසක් හමුවූ මෙම තෙදින සංචාරයේදී අමාත්‍යවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසද ආරාධනා කළා. ඒ ලබන මාර්තු මාසයේ මෙරට පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීම වෙනුවෙන්.


නවදිල්ලි අගනුවරදී විදේශ අමාත්‍යවරුන් දෙපළ අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවති අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පෙන්වා දුන්නේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා ගනුදෙනුකාරී තත්ත්වයක සිට උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. ඉන්දියාව සැම විටම ශ්‍රී ලංකාවට විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුනා ගනු ලැබ ඇතැයි විදේශ අමාත්‍යවරයා සඳහන් කළා. මෙම තීරණාත්මක අවස්ථාවේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක මූල්‍ය ආධාරය ඇගයීමට ලක් කිරීමට ද විදේශ අමාත්‍යවරයා මෙම හමුව අවස්ථාවක් කරගත්තා. දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍රත්වය ශ්‍රී ලංකාව සඳහා සැමවිටම උපකාරී වනු ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහතික කළා.
ආර් ථික හා බලශක්ති ක්ෂේත්‍රයන්ගේ සහයෝගීතාව වැනි අන්‍යෝන්‍ය උනන්දුවක් සහිත පුළුල් පරාසයක කරුණු කෙරෙහි දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වූ බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෑතකදී අත්සන් කෙරුණු ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පිළිබඳ සඳහන් කළ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, එය දෙරට අතර සමීප ඒකාබද්ධතාවයක් පෙන්නුම් කරන බවත්, එමඟින් රටවල් දෙකටම ජයග්‍රාහී තත්ත්වයක් හිමිකර දෙන සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙන වැඩපිළිවෙළක් බවත් සඳහන් කළා. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අපේක්ෂාවන්ද මෙම හමුවේදී සාකච්ඡාවට ලක් කෙරුණා.


ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් ඖෂධ, ආහාර සැකසුම් හා නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා ඉන්දීය ආයෝජනවල පවත්නා ශක්‍යතාව විදේශ අමාත්‍යවරුන්ගේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අවධානයට ලක් වූ තවත් ප්‍රමුඛ කාරණයක්.
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල ඉදිරි ගමන් මග පවත්වාගෙන යෑමේ අරමුණින් දෙරට අතර ආරක්ෂක, අධ්‍යාපනික හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා අවබෝධතා ගිවිසුම් කිහිපයක් කඩිනමින් නිම කිරීමට ද අමාත්‍යවරු දෙපළ එකඟතාවකට එළැඹි බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළා.


මෙහිදී ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන්ද දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වුණා. එය ඉතා සංවේදී කරුණක් ලෙසින් හැඳින්වූ ජී. එල්. පීරිස් අවධාරණය කළේ ගැටලුව සම්බන්ධයෙන් ඊට අදාල ද්විපාර්ශ්වික කණ්ඩායම් සියල්ල එක්ව කඩිනම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බවයි.
සාකච්ඡාවෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔවුන් ආර්ථික සහයෝගීතාව, බලශක්ති සුරක්ෂිතතාව, යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ අපේක්ෂිත ගිවිසුම් ඇතුළත් “ඵලදායි සාකච්ඡා” පැවැත්වූ බවයි.


සිය පළමු සංචාරය අතරතුර අතරතුර විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් ප්‍රමුඛ පෙළේ ඉන්දීය ජනමාධ්‍ය ආයතන කිහිපයක් වෙත දෙරට අතර වර්ධනය වන සහයෝගිතාව පිළිබඳව අදහස් පළකර තිබුණා.
එහිදී වැඩිම ප්‍රචාරයක් ලැබුණු අදහස වන්නේ, ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයට ‘ සුවිශාල වෙනසක් ’ අත්කර දී ඇති බව යන්නයි.


මෑත කාලීනව ධීවර අයිතීන් පිළිබඳව දෙරට අතර මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න දෙපාර්ශවයටම ගැටලු ඇති නොවන ආකාරයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට බලාපොරොත්තු වන බව ඇතුළු වැදගත් ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳ පැහැදිලි කිරීම් ඇමැතිවරයා “ද හින්දු” පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබුණා.
“මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී ඉන්දියානු සහයෝගය මහත් වෙනසක් ඇති කර ඇති බවට කිසිදු සැකයක් නැහැ. පැහැදිලිවම උග්‍ර වූ ක්ෂණික දුෂ්කරතා මඟහරවා ගැනීමට එය අපට උපකාර කර කර තිබෙනවා,” ජී. එල්. පීරිස් හින්දු පුවත්පතට පැවසුවේ, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක් පමණ වූ ඉන්දීය ණය පැකේජය ගැන සඳහන් කරමින්. මීට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පහසුකම් ඒකාබද්ධව සංවර් ධනය කිරීම සඳහා දිගුකාලීන අපේක්ෂිත ගිවිසුමක් අවසන් කර ඇති අතර, පුද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයේ නවදිල්ලි නුවරට පැමිණ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරනු ඇතැයි විදේශ අමාත්‍යවරයා “ද හින්දු පුවත්පත” සමග සඳහන් කර තිබුණා.
“මේ සියල්ල මෑත අතීතයේ අප නොදුටු විශ්වාසයක් ජනිත කර ඇත. එමෙන්ම එය ඉතා සුවිශේෂී සබඳතාවක් ඇති කර ඇත… ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ විට ඉන්දියාව සැමවිටම මැදිහත් වූ බවට හැඟීමක් තිබෙනවා,” ජී. එල්. පීරිස් වැඩිදුරටත් පැවසුවා. කොළඹ වරාය නැගෙනහිර පර් යන්ත ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව සහ ජපානය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අවලංගු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව ගත් තීරණය මත 2021 පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හොඳ හිත පළුදු වුණා.


ශ්‍රී ලංකාව චීනය සමඟ ඇති සමීප සබඳතා සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඇති බිය “තාර්කික” නොවන බවත්, චීනය සමඟ ඇති සබඳතාව “ඉන්දියාවට තර් ජනයක්” නොවන බවත් විදේශ අමාත්‍ය මහාචාර් ය ජී. එල්. පීරිස් “ද හින්දු” පුවත්පතට පවසා තිබෙනවා.


“ශ්‍රී ලංකාවේ විදේ ප්‍රතිපත්තියේ විශේෂත්වයක් නැහැ. අපි අපේ සියලු මිතුරන් සමඟ සුහද සබඳතා පවත්වමු. නමුත් ඉන්දියාව සමඟ ඇති සම්බන්ධය සෑම අතින්ම ඉතා සුවිශේෂී සබඳතාවයකි. එය ඉතිහාසය, භූගෝලීයව හා ආර් ථිකය සම්බන්ධ තත්ත්වයන් නිසා දෙරටේ ඉරණම වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබෙනවා. අපිට චීනය සමඟ සම්බන්ධයක් තියෙනවා. අපි එක් තීරයක් – එක් මාවතක් වැඩසටහනේ කොටසක්. අපගේ වරායන් සංවර් ධනය සම්බන්ධයෙන් චීනය සැලකිය යුතු කාර් යභාරයක් ඉටු කර ඇති නමුත් එය ඉන්දියාවට කිසිලෙසකින් හෝ තර් ජනයක් නෙවෙයි. ශ්‍රී ලංකා භූමියේ හෝ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ කිසිදු කොටසක් ඉන්දියාවට හෝ වෙනත් මිත්‍රයින්ට අහිතකර ලෙස භාවිතා කිරීමට කවර හෝ තත්වයක් යටතේ අපි ඉඩ නොදෙන බවට අපි නැවත නැවතත් සහතික වනවා. එබැවින් ඇත්ත වශයෙන්ම කිසිදු බියක් ඇති කර ගත යුතු නැහැ. එය තාර් කික පදනමක් නැති බියක්. ”


මෙම සියලු අදහස් දෙස විමසිලිමත්ව බැලීමේදී පැහැදිලිවම පෙනීයන කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රජය විසින් වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ චීන හිතවාදී විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය විශේෂයෙන් සඳහන් කර තිබුණා.


ශ්‍රී ලංකාවේ මෑතකාලීනව උද්ගතව ඇති දැඩි මුල්‍ය අර් බුදයට එම ක්‍රියාවලියෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැති බව හොඳින්ම දැකගන්නට හැකි බවත් ශ්‍රී ලංකාවට සිය සමීප අසල්වැසියාගේ අවංක සහයෝගය අවශ්‍යව ඇත්තේ, විශේෂයෙන් චීනයේ මෙම පරාර් ථකාමී නොවන ගනුදෙනු නිසාම බවත් ඉන්දීය මාධ්‍යවල අදහසයි.
ඉන්දියාවද සිය අසල්වැසියාගේ දුෂ්කරතාව මේ මොහොතේ පැහැදිලිවම අවබෝධ කරගෙන සිටින බව ශ්‍රී ලංකාවට අවශ්‍යම ණය පහසුකම් රැසක් වෙනුවෙන් මාසයක පමණ කෙටි කාලයකදී යහපත් ප්‍රතිචාර දැක්වීම මගින් පැහැදිලි වන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.


එසේම මෙම ගනුදෙනුවලදී ඉන්දියාවද යම් යම් අපේක්ෂාවන් සහිතව සිටින බව පෙනෙන්නට තිබෙන නමුත්, ඉන් බොහොමයක් කලාපිය ආරක්ෂාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවටද වාසිදායක අයුරින්, උපයෝගී කරගැනීමේ අරමුණු බව එරට මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.


ඒ අනුව ශ්‍රී ලංකාව පදනම් කරගනිමින්, කලාපය තුල ක්‍රියාත්මක චීන ව්‍යාප්තවාදය මෑත කාලීනව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නැවත ගොඩනැඟෙමින් පවතින දැඩි මිත්‍රත්වය හමුවේ බිඳ වැටෙමින් පවතින බව දැකගැනීමට හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...