31 C
Colombo
Sunday, June 4, 2023

ශ්‍රී ලංකාව අඛණ්ඩව 5වන T20 තරඟාවලියත් පරදී

- Advertisement -

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන T20 තරඟයත් කඩුළු 5 කින් ජයගැනීමට එංගලන්තය ඊයේ (24) සමත්වුණා.

කණ්ඩායම් දෙකම ඊයේ තරඟයට එක් වුණේ වෙනස්කම් දෙකක් සහිතවයි.

ධනංජය ද සිල්වා වෙනුවට නිරෝෂන් දික්වැල්ලත් නුවන් ප්‍රදීප් වෙනුවට බිනුර ප්‍රනාන්දුත් කණ්ඩායමට කැඳවනු ලැබුවා.

එංගලන්තය ආබාධයකට ලක්වූ ජොස් බට්ලර් වෙනුවට සෑම් බිලින්ග් සහ ක්‍රිස් වොක්ස් විවේක ගන්වමින් ඩේවිඩ් විලී කණ්ඩායමට කැඳවා තිබුණා.

කාසිය වාසිය දිනූ කුසල් ජනිත් දෙවන තරගයේදීත් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

නැවතත් ඔහුගේ තීරණය අභියෝගයට ලක් කළ ආරම්භක පිතිකරු යුගලය මුලු ලකුණු සංඛ්‍යාව 18ක් වෙද්දී ක්‍රීඩාගාර⁣යට ආපසු ගොස් තිබුණා.

කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් යුගලය T20 රටාවට නොගැලපෙන මන්දගාමී පිතිකරණ විගාශයක් පෙන්නුම් කරමින් ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර කුසල් ජනිත් තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 25ක් තුල ලකුණු 21ක් රැස්කරගෙන සිටියේ එකදු හතරේ පහරක් හෝ හයේ පහරක් නොමැතිවයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 39යි.

ඉසුරු උදාන ලැබූ ලකුණු 19ට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු කිසිදු පිතිකරුවෙක් ලකුණු10 සීමාව පසුකිරීමට අසමත් වීම අවාසනාවන්ත තත්ත්වයක්.

එමෙන්ම පවර්ප්ලේ අවස්ථාව තුල එකදු හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල නොකිරීමත් විශේෂත්වයක්.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් පමණයි.

පිළිතුරු ඉනිම ඇරඹු එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 8ක් තුල දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර සමත් වුණා.

ඉන්පසු යළි තරඟයට අවතීර්ණ වූ ඉසුරු උදාන ලකුණු 30දී තුන්වන කඩුල්ලත් වනිදු හසරංග ලකුණු 36දී සිව්වන කඩුල්ලත් බිඳ හෙලුවා.

කෙසේ වෙතත් තරගයේ 12 වන පන්දුවාරය අවසන් වනවාත් සමගම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 69ක් රැස්කරගෙන සිටියා.

විනාඩි 38ක ප්‍රමාදයකින් යළි තරගය ආරම්භ කෙරුණේ ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 18ක් තුල එංගලන්ත කණ්ඩායමට ලකුණු 103ක ඉලක්කයක් හිමිකර දෙමින්.

පන්දු 11ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකිරීමට එංගලන්ත පිතිකරුවන් සමත් වුණා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර T20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගත්තා.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ 5 වන T20 තරගාවලි පරාජයයි.

ශ්‍රී ලංකාව අවසන් වරට T20 තරගාවලියක් ජයගත්තේ 2019 වසරේ පාකිස්තානයට එරෙහිවයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි සහ අවසන් තරගය හෙට සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...