සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද (28) පැවැත්වෙනවා.
රාත්‍රී තරඟයක් ලෙසින් Mount Maunganui හිදී පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45ට ආරම්භවීමට නියමිතයි.
2006 වසරේදී දෙරට අතර විස්සයි20 තරග ආරම්භ වූ අතර, ඉන් අද පැවැත්වෙන්නේ 26වන තරඟයයි.
මේ දක්වා පැවති තරඟ අතරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරඟ 8ක් පමණක් වන අතර, තරඟ 14ක්ම ඔවුන් නවසීලන්තය හමුවේ පරාජය වී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව නවසීලන්තයේදී විස්සයි20 තරඟ 8ක් ක්‍රීඩාකර ඇති අතර, ඉන් මේ දක්වා ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.
තරඟ 6ක් ඔවුන් පරාජය වී තිබෙනවා.
මේ අතර අද තරඟයට අදාළ සියලු ප්‍රවේශපත් අලෙවී අවසන් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.
මේ හේතුවෙන් අමතර ප්‍රවේශපත්‍ර 500ක් නිකුත්කර ඇති අතර, එයද මේ වනවිට අලෙවි වී තිබෙනවා.
ක්‍රීඩාලෝලීන් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණයේ අති බහුතර ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ බිම වාඩිවී තරඟ නැරඹීම සඳහායි.
නවසීලන්ත ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියේ දෙරට අතර ජනවාරි 2වනදා නෙල්සන්හිදී පැවැත්වෙන තරග සියලු ප්‍රවේශපත්ද මේ වනවිට අලෙවි අවසන් බවයි.
කෙසේ නමුත් Mount Maunganuiම දෙරට අතර දෙසැම්බර් 30වනදා පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.