27 C
Colombo
Saturday, May 24, 2025

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

- Advertisement -

කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද (10) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.

තරගය ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතයි.

දීර්ඝ කාලයකට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙරටදී තරග වැදුණු පළමු අවස්ථාව ලෙස සටහන් වූ මෙම තරග සංචාරයේ පළමු තරගය පසුගිය සතියේ (මැයි 4)  මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එම තරගය ලකුණු 50-10ක් ලෙස පහසුවෙන් ජයගැනීමට නවසීලන්තය සමත්වුණා.

ආබාධ තත්ත්වය සුවවීමෙන් පසු මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක තරින්ද රත්වත්තේ යළිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එක්ව තිබෙන අතර, ඔහු බොහෝ දුරට අද තරගය ක්‍රීඩාකරනු තිබෙනවා.

මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ඉකුත්දා නම් කළ අතර, ඊට තරින්ද රත්වත්තේට අමතරව හේෂාන් ජන්සෙන්, දිනාල් ඒකනායක, ලසිදු කරුණාතිලක, ජනිදු දිල්ෂාන් මෙන්ම ධනුෂ්ක රංජන් ද යළිත් ජාතික කණ්ඩායමට කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ අතර දෙස් විදෙස් රග්බි ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනාගත් මෙම තරගාවලියේ අද පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත්‍ මේ වනවිට අලෙව් වී අවසන් බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...