ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1779කි.
එම සංචිත ප්‍රමාණය ඔක්තොමර් මාසය වන විට ඩොලර් මිලියන 1704ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මහ බැංකු වාර්තාවලට අනුව මාසයක කාලයක් තුළ නිල සංචිත ප්‍රමාණය සියයට 4.2කින් පහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.8ක් බවයි සඳහන් වන්නේ.