28 C
Colombo
Thursday, April 25, 2024

ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයට

- Advertisement -

ලොව ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව 6 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ලොව බැංකුව විසින් නිකුත් කළ ලොව ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් නොවැම්බර් මසට අදාළව නවතම වාර්තාවේ මේ බව සඳහන් වනවා.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 86ක් ලෙස සටහන්ව තිබෙනවා.

ලොව දරුණුම ආහාර උද්ධමනය සහිත රට ලෙස සිම්බාබ්වේ නම් කර ඇති අතර එහි උද්ධමන අගය සියයට 321ක්.

වෙනිසියුලාව සහ ලෙබනනය ද ආහාර උද්ධමනය සියයට සීයක් ඉක්මවා ඇති අතර එම අගයන් සීයට 208ක් සහ සියයට 158ක්.

නිකුත් කළ වාර්තාවට අනුව තුර්කිය සහ අර්ජින්ටිනාව ආහාර උද්ධමනය සහිත රටවල් ලෙස නම් කර තිබෙනවා.

මෙම රටවල් තුනට අමතරව ශ්‍රී ලංකාවට වඩා වැඩි ආහාර උද්ධමනයක් සහිත රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ තුර්කිය සහ ආර්ජන්ටිනාවයි.

ඉරානය ශ්‍රී ලංකාවට පසුව ලැයිස්තුගත වී ඇති අතර එහි ආහාර උද්ධමනය සීයයට 84ක් වනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සීයයට 91ක් ලෙස දක්වා තිබූ අතර එහිදී ශ්‍රී ලංකාවේ ස්ථානගතව තිබුණේ වැඩිම ආහාර උද්ධමනය සහිත රටවල් අතර සිව්වන ස්ථානයේයි.

ඒ අනුව මාසයකට පසුව ගත වූ කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 5කින් අඩු වී ඇති බවයි අදාළ වාර්තාවේ සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...