29 C
Colombo
Thursday, April 18, 2024

සමුළුවට ආ බංග්ලාදේශයෙන්  තවත් ඩොලර් මිලියන 250ක් යදියි..!

- Advertisement -

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා.

විනිමය හුවමාරුවක් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මුදල් හුවමාරුව සඳහා වූ ඉල්ලීම බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුවට සහභාගි වීම සඳහා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය ඔහුගෙන් මෙම ණය මුදල ඉල්ලා තිබෙනවා.

මීට පෙර බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරුවක් ලබාගත් අතර එම ණය නැවත පියවීමේ කාලසීමාවද දීර්ඝ කර තිබේ.

බංගලිදේශයෙන් ශ්‍රී ලංකාවට එම ණය පහසුකම් ලැබුණේ කොටස් තුනකින් වන අතර 2021 අගෝස්තු 19 වැනි දින පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ලබා දෙන ලදි.

ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් වූ දෙවන වාරිකය 2021 අගෝස්තු 30 වන දින නිකුත් කරන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් වටිනා අවසාන වාරිකය 2021 සැප්තැම්බර් 21 වන දින නිකුත් කරන ලදී.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...