25 C
Colombo
Thursday, April 18, 2024

ඓතිහාසික ගාලු වරාය සංවර්ධනය කිරීම සඳහා රජය ආයෝජකයින් සොයයි

- Advertisement -

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රජය නිවේදනය කරන්නේ ‘සංචාරක ගමනාන්තය සහ සුරක්‍ෂිත වරාය’ යන තේමාව යටතේ ගාලු වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවත් එමඟින් ගාලු වරාය කලාපීය වාණිජ වරායක් ලෙස පවත්වාගෙන යාමට හැකි වන බවත්ය.

රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් යටතේ ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය මඟින් සාම්ප්‍රදායික සේවාවන් සහ පෞද්ගලික අංශයෙන් ආයෝඡන ආකර්ෂණය කර ගැනීම සඳහා සීමා පැනවීමක් සිදු නොවන බව රජය පවසනවා.

ඒ අනුව, යෝජිත පරිදි ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ වරාය දැනට පවතින මීටර් 10 සිට මීටර් 18 සිට 20 දක්වා ගැඹුරු කිරීම සහ නව දිය ඇලක් තැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 175 ක් පමණ වැයවනු ඇති බවට ගණන් බලා ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදාගැණුනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඒ, උදෑසන 9.35ට ශ්‍රීලංකන්...

ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකන් 21ක් බේරා ගනී

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා...

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...