ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක් හිමිවුණා.
බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 285ක් මීට සුළු වේලාවකට පෙර සිය දෙවන ඉනිම අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකාවට මෙම ඉලක්කය හිමිවුණා.
ඒ අනුව තරගයේ අවසන් දිනය වන අද එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට නම් පන්දුවාර 37ක් ඉතිරිව තිබෙනවා.