26 C
Colombo
Monday, January 13, 2025

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

- Advertisement -

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබෙනවා.

එහි කණ්ඩායම් නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරන අතර, මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දිට උපනායකත්වය හිමිව තිබෙනවා.

එමෙන්ම මෙම සංචිතයට ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්ව සිටිනවා.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි 18වනදා ආරම්භ වනු ඇති.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 11වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව එහිදී මැලේසියාව, බ.ඉ. කොදෙව් සහ ඉන්දියාව සමගින් ක්‍රීඩාකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...