32 C
Colombo
Friday, April 19, 2024

අපකීර්තිමත් ක්‍රිකට් වාර්තා මැද ලංකාව තරගාවලිය ආරම්භ කරයි

- Advertisement -

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජාතික කණ්ඩායම වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් දැවී යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අද(14) සිදුවිය.

ඒ ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදී සිය පළමු ඉණිම ලකුණු 135කට සීමා කරගැනීමට සිදුවීමෙනි.

ඉන් අනතුරු පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම දිනය අවසන් වනවිට කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 127ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පළමු ඉණිමට ලකුණු 8ක පරතරයකිනි.

ටෙස්ට් ඉණිම 50කට සහභාගී වූවන් අතර අඩුම ලකුණු ලාභියා වාර්තාව හිමි කරගැනීමට ද මෙම තරගයේදී ලහිරු තිරිමාන්න සමත් වූ අතර පිට පිට සිව් වැනි වතාවට ලකුණු 0ට දැවී යමින් කුසල් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් දැඩි කලකිරීමකට පත් කළේය.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ලකුණු 6000 සීමාවත් දිනේෂ් චන්දිමාල් 4000 සීමාවත් පසුකිරීමට අද සමත් වූ අතර කෙසේ හෝ ඉවසීමෙන් ක්‍රීඩා කර ශතකයක් ලබාගන්නා බවට අනාවැකි පළ කළ නිරෝෂන් දික්වැල්ල තම ඉණිම ලකුණු 12 කට සීමා කරගත්තේ සුපුරුදු නොවසිල්ල යළිත් ප්‍රේක්ෂකයන් හමුවේ ප්‍රදර්ශනය කරමිනි.

එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් 66ක් හා ජොනී බෙයාර්සටෝ 47 ක් වශයෙන් ලකුණු ලබාගෙන නොදැවී පන්දුවට පහර දෙති.

සංචාරයේ පළමු දිනය ගැන වාර්තා කරමින් ද ගාඩියන් වෙබ් අඩවිය සටහන් කර තිබුණේ ලංකාවේ පැත්තෙන් අපේක්ෂිත පරිදිම සියල්ල සිදු වූ බවය.

RECENT ARTICLES - SINHALA

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට...

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...