27.8 C
Colombo
Friday, April 26, 2024

ශ්‍රී ලංකාව සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවයි

- Advertisement -

බලපෑමට ලක් වූ සියලුම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලික කාලයක් සඳහා අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, එම ණය ක්‍රමානුකූලව සහ එකඟතාවයෙන් යුතුව ප්‍රතිව්‍යුහගත කිරීම මෙම අත්හිටුවීමෙන් අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුග්‍රහය ඇති ආර්ථික වැඩපිළිවෙලකට අනුකූල වන පරිදි ක්‍රමවත් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කෙරෙනු ඇති බව‍යි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 වන දින හිඟ වූ බලපෑමට ලක් වූ ණය ප්‍රමාණයන්ට අදාළ වේ.

කෙසේ වෙතත්, එම දිනයෙන් පසු නව ණය පහසුකම් මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර ඒ සඳහා සාමාන්‍ය පරිදි සේවා සපයනු ලබන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය ණය සඳහා සේවා සැපයීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අතුරු ප්‍රතිපත්තිය පහත පරිදි වේ.

https://www.treasury.gov.lk/api/file/54a19fda-b219-4dd4-91a7-b3e74b9cd683

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...