28.4 C
Colombo
Sunday, May 18, 2025

ලංකා T10 සුපර් ලීග් කිරුළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්ට

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලැබූ ‘ලංකා T10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්වුණා.

ඒ මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින්.

ජැෆ්නා ටයිටන්ස් ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස්කිරීමට සමත් වුණා.

මොහොමඩ් ෂෙසාඩ් සහ ෂෙවොන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස් කළ අතර, නායක දසුන් ශානක පන්දු 10කදී ලකුණු 21ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දුයැවීමේදී ට්‍රෙවින් මැතිව් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා.

කෙසේ නමුත් ලකුණු 133ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10දී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණයි.

ටොම් අබෙල් නොදැවී ලකුණු 54ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වුයේ නැහැ.

පන්දු යැවීමේදි රිචඩ් ග්ලීසන් ලකුණු 21කට කඩුලු 3ක් සහ නායක දසුන් ශානක ලකුණු 4ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

ඒ අනුව අවසන් තරගය ලකුණු 26කින් ජයගත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමු වරට පැවැත් වූ ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ශූරතාව ලබාගත්තා.

දින 9ක් පුරා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ නිල චෙම්බරය තුළ රහසේ ලිංගිකව...

POPULAR ARTICLES