32 C
Colombo
Friday, April 19, 2024

ODI වැඩිම පරාජයන් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉහළින්ම

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගවලදී කණ්ඩායමක් විසින් වැඩිම පරාජයන් ලැබූ ලැයිස්තුවේ ඉහළටම පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වන විට තරග 880කට ක්‍රීඩා කර ඇති අතර තරග 437ක් පරාජය වී ඇත. ජයග්‍රාහී ප්‍රතිශතය 47.74 කි. 1996 වසරේ අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සිය රටේ එකම එක් දින ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරග 1022 කදී පරාජයන් 436 ක් ලබා එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයේ පසුවෙයි.ඉන්දියාව තරග 534ක් ද ජයග්‍රහණය කර ඇති අතර එය ඕනෑම රටක් විසින් ලබාගත් 2 වැනි ඉහළම ජයග්‍රහණ ප්‍රමාණය වේ. 2000න් පසුව ඉන්දියාව ICC කුසලාන 3 ක් දිනා ඇත.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගවලදී වැඩිම පරාජයන් ලැබූ ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ පසුවෙයි. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරග 947කදී එක්දින තරග 419කට මුහුණ දී ඇති අතර ජයග්‍රහණ 499ක් වාර්තා කර ඇති අතර එහි ජයග්‍රාහී ප්‍රතිශතය 54.31කි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම තරඟ 852කදී 402 වතාවක් පරාජයට පත්වෙමින් එක්දින ක්‍රිකට් පිටියේ 4 වැනි ස්ථානයට වැඩිම තරග සංඛ්‍යාවකින් පරාජයට පත්වූ කණ්ඩායම බවට පත්ව ඇත. 1975 සහ 1979 දී පිට පිට දෙවතාවක් ක්‍රිකට් ලෝක කුසලානය දිනූ පැරණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ක්‍රිකට් ලෝලීන්ට අහිමිව ඇති බවයි විචාරකයින් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට...

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...