25 C
Colombo
Saturday, March 25, 2023

උපකාරක පන්ති ආරම්භ කිරීමට සැරසෙයි

- Advertisement -

පවත්නා තත්ත්වය යටතේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා සඳහන් කරනවා.
අද (02) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව උපකාරක පන්ති කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

“පාසල් සිසුන්ගේ අධ්‍යාපනය පසුගිය අවුරුද්දේ, ඉතාමත්ම පසුබෑමකට ලක්වුණා. ඒ නිසා අපි ඉතාමත් ඉක්මනින් අධ්‍යාපනය ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් කටයුතු සිදුවෙනවා. සංවිධානාත්මකව දරුවන්ගේ පාසල් අධ්‍යාපනය 2021 වර්ෂයේ දී ආරම්භ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි ආකාරයකින් කොවිඩ් – 19 රෝගියෙක් පාසල් ශිෂ්‍යයින් අතර වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගුරුවරු අතර වෙන්න පුළුවන් හමුවුණොත් කොහොමද ඉක්මනින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ, අනෙක් අයගෙන් වෙන්කර තබා ගන්නේ කියන කරුණු සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් සොයා ගනිවි. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා නැවත නැවත වසන්නේ නැතුව දිගින් දිගටම පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි අපි දන්නවා උපකාරක පන්ති පැවැත්වීම එයත් අපේ අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වෙලා තියෙනවා. ඒ උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහාත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපකාරක පන්ති පවත්වන දේශකවරුන්ගේ සංවිධාන සමග සාකච්ඡා කර අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදෙමින් සෞඛ්‍යාරක්ෂිතව උපකාරක පන්ති පැවැත්වීම සඳහාත් මාර්ගෝපදේශ සකස් කිරීම සිදුවෙමින් පවතිනවා. පාසල් වාරය 2021 වර්ෂයේ ආරම්භවීමත් එක්කම උපකාරක පන්ති පැවැත්වීමට කටයුතු සැලසුම් කිරීම තමයි අපගේ ඉලක්කය වන්නේ.“

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...