තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පැවති මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් වුණා.
ඒ අනුව, ඔහු වාර්තා කළ කාලය තත්පර 10.38ක් වනවා.
මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළා.
එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තා.
ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (7) ආරම්භ වූ අතර, එය අද (8) අවසන්වීමට නියමිතයි.
මීට අමතරව, තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ අද සමත් වුණා.
ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 56.62ක්.
මෙහි රන් පදක්කම දිනාගත්තේ ඉන්දියාවේ අන්නු රාණි විසින්.