27.7 C
Colombo
Thursday, April 25, 2024

නැමීබියාව සමග පැවති සුදුසුකම් ලැබීමේ පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

- Advertisement -

T20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ නැමීබියාව සමඟ පැවැති පළමු තරඟය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟින් සුදුසුකම් ලැබීමේ ඒ කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ ප්‍රසාද ලකුණු දෙකක් දෙකක් හිමිකර ගනිමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති තරඟයේ කාසි වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර පන්දුවාර 19.3 ක් තුළ නැමීබියා කණ්ඩායමේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 96 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

නැමීබියාව වෙනුවෙන් ඉහළම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූ Craig Williams පන්දු 36ක් තුළ ලකුණු 29ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ ලකුණු 25කට කඩුළු 03ක් දවාගත්තා. එසේම ලහිරු කුමාර ලකුණු 9 කට කඩුලු 2ක් ද, වනිදු හසරංග ලකුණු 24කට කඩුලු දෙකක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවා.

ඒ අනුව පන්දුවාර 19.3 තුළ නැමීබියා කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 96ක් පමණයි.

පහසු ඉලක්කයක් හඹා යාමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක ආරම්භයක් බවට පත් නොවූයේ ආරම්භක පිතිකරුවන් වූ කුසල් ජනිත් සහ පැතුම් නිස්සංක කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 18ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යැවීමට නැමීබියා පන්දු යවන්නන් සමත් වීම හේතුවෙන්.

ඒ අනුව කුසල් ජනිත් ලකුණු 11 කටත්, පැතුම් නිස්සංක ලකුණු 5කටත් දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ට ලබාගැනීමට හැකිවූයේ ද ලකුණු 5 පමණයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ලෙස ජයග්‍රාහි ලකුණු සීමාවට රැගෙන යාමට සමත් වුණා.

එහිදී කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ භානුක රාජපක්ෂ පන්දු 27ක් තුළ ලකුණු 42ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 28ක් තුළ ලබාගත් ලකුණු සංඛ්‍යාව 30ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 13.3 තුළ ලකුණු 100ක් ලබාගනිමින් ජයග්‍රාහී සීමාව පසුකරමින් කඩුලු 07ක ජයග්‍රාහණයක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ තරගයේ වීරයා බවට සම්මානයට පාත්‍ර වුණා

RECENT ARTICLES - SINHALA

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...