26.7 C
Colombo
Saturday, June 14, 2025

වසර 16කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු ජයක්

- Advertisement -

බෘෘනායි කණ්ඩායමට එරෙහිව වසර 16කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් වුවා.

ඒ තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල 1-0ක් ලෙස බෘෘනායි කණ්ඩායම පරාජය කරමින්.

තරගයේ පළමු අර්ධයේදී කිසිවෙකුට හෝ ගෝල වාර්තාකිරීමට නොහැකි වුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය තරගයේ 57වන මිනිත්තුවේදී ලියෝන් පෙරේරා විසින් වාර්තා කළා.

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව මේ වනවිට 200වන ස්ථානයේ පසුවනවා.

බෘෘනායි කණ්ඩායම එම සටහනේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 15ක් ඉදිරියෙන්ය. එනම් 185වන ස්ථානයේයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට 2009 වසරේදී බෲනායි කණ්ඩායම පරාජය කර තිබූ අතර, එහිදී ඔවුන් ගෝල 5-1ක පහසු ජයක් ලබා තිබුණා.

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES

රත්තරන් වැසිකිළියක් සොරා ගත් දෙදෙනෙකුට එංගලන්ත උසාවියෙන් දඬුවම්

කලා ප්‍රදර්ශනයක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් වටිනා රන් වැසිකිළියක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම...