ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගය අද (20) රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර මලයාසියාව සහ තායිලන්ත කාන්තා කණ්ඩායම් අතර තරගය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ අතර, මෙම තරගාවලියට අදාළව ඊයේ (19) පැවති තවත් තරග දෙකකින් ඉන්දියාවට සහ නේපාලයට ජය හිමිවුණා.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක සහභාගිත්වයෙන් 9 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.
ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය තරගාවලියට එක්වන කණ්ඩායම්හි නායිකාවන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 18 වැනිදා එළිදක්වනු ලැබුවා.